දිවයින පුරා සියලුම සුරාසැල් හෙට දිනයේ වසා තැබේ

Published in පුවත්
Monday, 03 February 2025 09:41

දිවයින පුරා සියලුම සුරාසැල් හෙට දිනයේ වසා තැබෙන බව වාර්තා වනවා.

ඒප77 වන ජාතික නිදහස් සමරු උත්සවය හෙටට යෙදී තිබීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

එම කාලය තුළ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන මත්පැන් හල්වලට මුද්‍රා තබන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන්කර සිටියා.

කෙසේවෙතත් අනිද්දා(05) දිනයේ සුරා සැල් යළි විවෘත කෙරෙනු ඇති.

මේ අතර ”‍ජාතික පුනරුදයට පෙළ ගැසෙමු”‍ යන තේමාව යටතේ 77 වන ජාතික නිදහස් සමරු උත්සවය හෙට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පසුගියදා ප්‍රකාශ කළේ, මෙවර ජාතික නිදහස් දින උත්සවය සඳහා සහභාගී වන හමුදා සාමාජිකයින් සංඛ්‍යාව සියයට 40 කින් පමණ අඩුකර ඇති බවයි.

එමෙන්ම, මෙවර නිදහස් දින ආචාර පෙළපාලිය සඳහා සන්නද්ධ රථ කිසිවක් ද එක් කර නොගන්නා බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us