ඉදිරි දිනවල මෙරට මාළු මිල ගණන් තවදුරටත් ඉහළ යාමේ අවදානමක්

Published in පුවත්
Friday, 31 July 2026 09:16

එල්-නිනෝ තත්ත්වයත් සමග උතුරු නැගෙනහිර ඇතුළු මෙරට මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීම යළි දැනුම් දෙනතුරු තහනම් කිරීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණයත් සමග ඉදිරි දිනවල මෙරට මාළු මිල ගණන් තවදුරටත් ඉහළ යාමේ අවදානමක් මතුවී ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේ වෙළෙඳ සංගමය කියා සිටී.

මේ වන විට දියඹට ගොස් තිබෙන බහුදින යාත්‍රාවලින් මත්ස්‍ය අස්වැන්න ලැබෙන නිසා ඉදිරි දින කිහිපය තුළ විශාල ප්‍රශ්නයක් මතු නොවුණත් දැනට පනවා තිබෙන තහනම හේතුවෙන් සාලයා, හුරුල්ලා සහ කුම්බලා, ගල්මාළු මිල ගණන් යළි ඉහළ යනු ඇතැයි එම වෙළෙඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි ‘අරුණ’ට පවසයි.

මීට සතියකට දෙකකට පෙර සාලයා, හුරුල්ලා වැනි මාළු කිලෝවක තොග මිල රුපියල් 1000 ඉක්මවා ගොස් යළි රුපියල් 1000 සීමාවට අඩු වූ බවත් මුහුදේ සුළං තත්ත්වයත් සමග කුඩා මාළු මිල ගණන් යළි ඉහළ යනු ඇති බවත් ඔහු විශ්වාසය පළ කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us