උද්ධමනය ඉහළ යයි

Published in පුවත්
Wednesday, 21 February 2024 17:45

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස උද්ධමනය සියයට 6.5 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිලේ ප්‍රතිශතය නව සංශෝධනය හරහා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

හැන්ද තිබෙන මහ බැංකුව තමාටම බෙදා ගැනීම වැරදි බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීම සදහා ලබා දුන් ෆයිසර්, මොඩර්නා සහ ඇස්ට්‍රසෙනෙකා යන එන්නත්වල අතුරු ආබාධ පිළිබදව සොයා බැලීමක් සිදු කර තිබේ.

කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇති බව පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් පවසා තිබේ.

උඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මිලට් ආනයනයේ දී අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ නංවමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනංශයේ සහකාර කථිකාචාර්යවරියක බත්තරමුල්ල වික්‍රමසිංහපුර දී ලොරියකට යටවීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.

ලංකාවේ සුපිරි හෝටල්වල සංචාරකයින්ට දෙන ජපානයේ ඇලෙනසුළු හාල් ( Sticky Rice )ආනයනයට පවතින සීමා ලිහිල් කරන්නැයි ජපාන කෘෂිකර්ම අමාත්‍ය Norikasu Suzuki මහතා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගෙන් කොළඹ දී ඉල්ලීමක් කළේය.

ld add copy

Connet With Us