ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට සහාය ලබා දෙන බව ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සභාපති සුදත් දේවපුර ඇතුළු එහි සාමාජිකයන් පවසා තිබේ.

ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි මෙවර පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය ඉතා අඩු වියදමින් මෙන්ම සරල අයුරින් පැවැත්වීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ සිසු දරුවන්ට ලබා දුන් පොරොන්දුවක් අනුව වටිනා සංගීත භාණ්ඩ තොගයක් ලබන 9 වැනිදා එම විදුහලට ප්‍රදානය කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.

සෞඛ්‍ය සේවකයන්ගේ ආර්ථික සාධාරණත්වය සම්බන්ධයෙන් ගැටලුවට වාහාම විසඳුමක් දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරු හැර සෙසු කාර්ය මණ්ඩලය එම රෝහල ඉදිරිපිටදී අද (5) දහවල් විරෝධයක් පැවැත් විය.

ඉන්දියාවේ සංචාරයක නිරතවන ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මහතා අද (05) ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සමග සාකච්ඡා පවත්වා තිබේ.

මූල්‍ය අක්‍රමිකතා කළ බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හඳුනාගත් ආයතන 12ක් ගැන විගණන පරීක්ෂණ  කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්  සියඹලාපිටිය  පැවසීය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයක මීට පෙර නිකුත් කර තිබූ  උපරිම තොග සහ සිල්ලර මිල පරාස සංශෝධනය කළ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල  අද (5) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා සුදුස්සකු මේ මොහොතේ දී පොහොට්ටුවේ ජනාධිපති අපෙක්ෂකත්වයට සිටීනම් ඒ සඳහා ඔහුට අවස්ථාව ලබාදීම සුදුසු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කර සිටියි.

ld add copy

Connet With Us