නිරුවතින් නිදාගන්නා අඹු සැමියන් වඩා තෘප්තිමත් ජීවිත ගෙවන බවට නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.

කොට්න් යූ.එස්.ඒ ආයතනය විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර ඒ සඳහා බි‍්‍රතාන්‍ය ජාතිකයන් 1007 දෙනෙකු යොදාගෙන තිබේ.

රාත‍්‍රියේදී නිරුවතින් සයනයට යන පුද්ගලයන්ගෙන් 57%ක් පවසා ඇත්තේ ඔවුන් තම සහකරුවා හෝ සහකාරිය සමග තෘප්තිමත් ජීවිත ගත කරන බවයි.

පිජාමා අඳින්නන්ගෙන් 48%ක්ද රාත‍්‍රි ගවුම් අඳින්නන්ගෙන් 43%ක්ද සිය සබඳතා පිළිබඳව සතුටට පත්වෙන බව පවසා ඇති අතර ශරීරය සම්පූර්ණයෙන් වැසෙන සේ ඇඳුම් හැද නිදාගන්නන්ගෙන් ජීවිතය තෘප්තිමත් බව පවසා ඇත්තේ 38%ක් පමණක් බව පැවසේ.

කොට්න් යූ.එස්.ඒ පවසන්නේ සමීක්ෂණයට ලක් කළ පුද්ගලයන් 10කින් 4 දෙනෙකුම නිරුවතින් නිදාගන්නන් බවයි.

වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයන්ගෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයක් 45%ක්ම ඇඳුම් රහිතව සයනයට යන බවද හෙළිවී තිබේ.

33 හැවිරිදි ස්ටීවන් මැකන්සි පවසා ඇත්තේ අවසන් සයවසර තුළ නිරුවතින් නිදාගැනීම ඉතා සැනසිලිදායක කටයුත්තක් වූ බවයි.

ජීවිතය තෘප්තිමත් කරගැනීමේදී නිදන කාමරයේ පරිසරය සකස් කරගැනීම බොහෝදෙනෙකු අතින් අතපසු වන දෙයක් බව කොට්න් යූ.එස්.ඒ හි ස්ටෙෆනි තියර්ස්-රැට්ක්ලිෆ් පවසා තිබේ.

නිරුවතින් නිදාගැනීම මගින් සිරුරට සුමුදු පහසක් ලැබෙනු ඇති බවත් විවෘත බව හේතුවෙන් ලිංගිකව තෘප්තිමත්වීම පහසු වන බවත් ඇයගේ අදහසයි.

(ලංකා සි නිව්ස් )

සමාජ ක්‍රියාකාරිනියක් වන Scout Willis පසුගියදා නිව්යෝර්ක් නගරයේ උඩු කය නිරුවතින් ගමන් කර එම ඡායාරුප තම ට්වීටර් ගිණුම ඔස්සේ ප්‍රචාරය කරනු ලැබුවා. ඇයගේ අදහස වන්නේ නිව්යෝක් කාන්තාවන්ට තම සිරුර ප්‍රදර්ශනය කරන ආකාරය ගැන සම්පුර්ණ අයිතියක් පවතින බවයි.

Scout Willis තවදුරටත් පවසන්නේ "එය තමන්ගේ කැමැත්ත මත තීරණය විය යුතු දෙයක්. ඒකට සමාජය ප්‍රතිචාර දක්වන විදිය හෝ සමාජ විසින් ඇය විනිශ්චය ලක් කරන විදිය අදාළ විය යුතු නෑ. ඒවගේම කිසිම කාන්තාවක් තමන්ගේ ශරීරය පිළිබඳ ලජ්ජා විය යුතු නෑ." කියලයි.

ඇගේ අදහස් කියවගෙන යද්දි අලුත් විදිහේ නාන ඇඳුමක් අපට හමුවුණා. Robyn Graves and Michelle Lytle නම් ඇඳුම් නිර්මාණ ශිල්පීන් දෙපළ තමයි මෙම නාන ඇඳුම් විලාසිතාවක් ලෝකයට හදුන්වල දීල තියන්නේ. එක නම් කරලා තියෙන්නේ TaTa Top කියන නමින්.

මෙම නාන ඇඳුමේ තියන විශේෂත්වය තමයි තනපුඩු පිටතින් පින්තාරු කර තිබීම. එය හැඳ සිටිනවිට දිස්වන්නේ උඩු කය නිරුවතින් සිටින ආකාරයකුයි. මේ ඇඳුම තමන්ගේ සමේ වර්ණයට ගැළපෙන ආකාරයට විවිධ පැහැයන්ගෙන් තෝරා ගැනීමට හැකියි .

ඒවගේම මේ ඇඳුම් විකිණීමෙන් ලැබෙන ආදායමෙන් කොටසක් පියයුරු පිළිකා පිළිබඳ පරික්ෂණ සඳහා වෙන් කෙරෙනවා. මෙහි අරමුණ වෙන්නේ තනපුඩුව වෙත පවතින අනවශ්‍ය ලිංගික ආකර්ෂණය ඉවත් කිරීමයි. මෙවැනි ඇඳුමක් නිර්මාණය වෙලා තියෙන්නේ the Free The Nipple movement කියන කාන්තා අයිතීන් පිළිබඳ ව්‍යාපාරයේ ප්‍රචාරණ අරමුණක් විදියට.

(mirrorgirl)

සමලිංගිකයන්ට වෙනස් ලෙස සැලකීමට එරෙහිව හා සියලු දෙනාට සමාන අයිතීන් ලබාදෙන ලෙස ඉල්ලා විරෝධතා පෙළපාලියක් ප්‍රංශයේ පැරිස් නුවරදී ඊයේ (28) පැවැත්විණි.

විශාල ජනකායක් සහභාගිවූ මෙම පෙළපාලියට සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනීසිටින සංවිධාන, මානව හිමිකම් සංවිධාන, වාමාංශික දේශපාලන පක්ෂ, කාන්තා සංවිධාන, වෘත්තීය සමිති හා කලාකරුවන්ද සහභාගිවිය.

ඉන් බහුතරය තරුණ තරුණියන්ය .ඇද හැලුණු වර්ෂාවද නොතකා, "ලුක්සම්බර්ග්" උද්‍යානය ඉදිරිපිටින් ඇරඹි පෙළපාලිය "බැස්ටිල්" ඔස්සේ "රිපබ්ලික්" චතුරශය අසලින් අවසන් කරනවිට පැය හතරකට වැඩි කාලයක් ඉක්ම ගොස් තිබිණි.

(mirrorgirl)

පසුගිය කාලයේදී සිය විවාහක බිරියගෙන් වෙන්වී දරුදෙදෙනාද අතැරගොස් සිටි මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා යළි සිය නිවසට ගොස් ඇතැයි වාර්තා වේ.

ඔහු සිය ෆෙස්බුක් පිටුවේ ප‍්‍රධාන ඡායාරූපයද වෙනස් කරමින් ඒ සඳහි සිය විවාහක බිරිය හා ඔහුගේ ඡායාරූපයේ යොදා තිබේ.

එසේම එම ෆෙස්බුක් පිටුවේ කවරයේ ඡායාරූපයට එක්කර ඇත්තේ සිය බිරිය හා දරු දෙදෙනා සමඟ නාන තටකයක ගන්නා ලද ඡායාරූපයකි.

ඔහු අදාල ඡායාරූපයට මගේ ජීවිතය (My Life) ලෙස ද චචන කිහිපයක්ද එක් කර ඇත.

නලින් සිය ෆෙස්බුක් පිටුවේ ප‍්‍රධාන ඡායාරූපයට ඔහුගේ බිරිය සමඟ ගත් ඡායාරූපයක් යෙදූ පළමු අවස්ථාවද මෙය වේ.

(lankanewsroom)

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us