සන්නස්ගල පොලිස් භාරයට

Published in Gossip
Thursday, 25 April 2024 14:45

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.


මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මුල්‍ය වංචාවකට බව වැඩිදුරටත් වාර්තා වනවා.

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරිමට යැයි පවසා රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන කාලයක් තිස්සේ එම මුදල් නැවත ලබා නොදුන් බව කියමින් උපුල් ශාන්ත සන්නස්ගලට එරෙහිව නුවන් ප්‍රදීප් නම් ව්‍යාපාරිකයකු මෙලෙස කදාන පොලීසියට අප්‍රේල් මස 09 වැනිදා පැමිණිල්ලක් කර තිබූ අතර නැවත ලබාදෙන පොරොන්දුව මත වසර දෙකකට පෙර එම මුදල ලබාගත්තද එම මුදල් ලබානොදුන් බව කියමින් කළ එම පැමිණිල්ලට අදාලව උපුල් ශාන්ත සන්නස්ගලව පොලීසිය හමුවට ඊයේ කැදවා තිබුණා

උපුල් ශාන්ත සන්නස්ගල පොලීසිය හමුවට පැමිණ පවසා ඇත්තේ එම මුදල තමාට ලැබුනේ පරිත්‍යාගක් ලෙස බවය. එම මුදල සති දෙකක් තුළ ලබාදීමට සන්නස්ගල එහිදී පොලීසිය හමුවේ එකඟ වූ බව වාර්තාවී තිබුණා . නමුත් එසේ තිබියදී ඔහුව අත්අඩංගුවට ගත් බවයි අද දිනයේ වාර්තා වුණේ.

සන්නස්ගල මුල්‍ය වංචාවක් සිදු කර ඇති බවට ඉරාජ් සිය යූටියුබ් නාළිකාවේ ද වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us