ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විඩෝඩෝගේ ආරාධනයක් අනුව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම සමුළුවට එක්වෙයි.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 18 සිට 20 දක්වා එරට සංචාරය කිරීමට නියමිතය.
ජනාධිපති වික්‍රමසිංහ මහතා මැයි 20 වනදා එම සමුළුවේ ඉහළ පෙළේ හමුව සඳහා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ හමුව මැයි 18 සිට 25 වනදා දක්වා ඉන්දුනීසියාවේ බාලි දුපතේ පැවැත්වෙයි.
-P.M