05 වෙනිදට කලින් එනවා නම් අගමැතිකමයි කෝටි 100 යි

Published in පුවත්
Friday, 26 December 2014 16:46

ජනවාරි 05 වෙනිදට පෙර ආණ්ඩුව හා එක් වන්නේ නම් අගමැතිධුරය හා මුදලින් රුපියල් කෝටි 100 ක මුදලක් ලබා දිය හැකි බව සජිත් ප්‍රේමදාස මහතාට රාජපක්ෂ රෙජීමයට සමීප ව්‍යාපාරිකයකු හරහා දැනුම් දී ඇති බව වාර්තාවේ.

 
එමෙන්ම ප්‍රේමදාස මහතා තවත් එජාප ප්‍රබලයන් 10 දෙනෙකුවත් ‍රැගෙන ආයුතු බවත් එම පිරිසටද ඇමැතිකම් හෝ මුදල් ලබා දිය හැකි බවටත් පොරොන්දුවක් ලබා දී ඇත.
 
මේ අතර මීට සතියකට පමණ පෙර රාජපක්ෂ පවුලේ හිතවතකු විසින් එජාපයේ ප්‍රබලයකුගේ නිවසටම රුපියල් කෝටි 50ක් ක මුදලක් රුපියල් 5000 නෝට්‍ටුවලින් පොහොර උර 5ක බහා ගෙනවිත් බාර දී තිබිණි. 
 
 මේ බව එජාපයේම ප්‍රබලයන් කිහිප දෙනෙකුට සැල කර එම නොට්‍ටු සහිත උර කිහිපයද පෙන්වා  ඒ ආපසු හරවා යැවීමට ඔහු කටයුතු කර තිබේ. 
 
එහෙත්  මේ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීමට මෙම එජාප ප්‍රබලයා කැමැත්තක් දක්වා නැත. එම නිසා අප විසින්ද ඔහු කවරෙක්දැයි හෙළි නොකරමු.  එහෙත් පහුගිය කාලයේ පක්ෂ මාරුවකට සැරසෙන බවට ඔහුගේ නමද කියැවිනි. 
 
තම ජීවිත කාලය තුලදී කිසිසේත්ම හරි හම්බකරගත නොහැකි තරමේ  මුදල් කන්දරාවක්  හමුවේ වුව තම ප්‍රතිපත්ති තම පක්ෂය පාවා නොදෙන සැබෑ මහජන නියෝජිතයන් සිටීම මෙරටේ වාසනාවක් බව සටහන් කර තබමු.
 
 
 
 
 
Last modified on Friday, 26 December 2014 17:20

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us