මෙම ඇගයුම් වාර්තාව පිළියෙළ කිරීමේදී සලකා බලා ඇත්තේ ලොව පුරා ගුවන් තොටුපළවල ඵලදායීතාව, මෙහෙයුම් කාර්යක්ෂමතාව, ඒකක පිරිවැය තරගකාරීත්වය හා ගුවන් තොටුපළ ගාස්තු ආදී කරුණුය.
මෙම සමීක්ෂණයේදී කාර්යක්ෂමතා අගය 1.40ක් ලබාගනිමින් දකුණු කොරියාවේ ජේජු ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිරියෙන්ම සිටින අතර කටුනායක ගුවන් තොට 0.25ක පමණ අගයක් ලබාගනිමින් පහළම අකාර්යක්ෂම ස්ථරයේ පසුවේ.