පිළිකා ත්‍රස්‌තවාදය මෙන් හිස ඔසවනවා

Published in Gossip
Wednesday, 26 November 2014 11:06

වසරකට අලුතෙන් පිළිකා රෝගීන් තිස්‌දහසක්‌ පමණ හඳුනාගන්නා බව මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා පැවසුවේය.

'පිළිකා ත්‍රස්‌තවාදය පරදවමු' යන මැයෙන් බද්දේගම වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානයේ පැවැති වැඩමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ වන විට පිළිකාව ත්‍රස්‌තවාදය මෙන් හිස ඔසවමින් බවතින බවත් 1986 වසර වන විට මහරගම පිළිකා රෝහලෙන් වසරකට පිළිකා රෝගීන් 2500 - 3000 ක්‌ පමණ වාර්තා වුවද 2014 වසරේ පමණක්‌ මහරගම පිළිකා රෝහලෙන් රෝගීන් '11000' ක්‌ වාර්තා වී අැත.

2020 වන විට සෑම පස්‌දෙනකුගෙන් එක්‌ අයකු පිළිකා රෝගයට ගොදුරුවන බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා සදහන් කරයි. පිළිකා රෝගය මුල් අවස්‌ථාවේ හඳුනා ගතහොත් එය මැඬ පවැත්වීමට හැකි බව ඔහු සදහන් කළේය. මිත්‍යා මතවලට නොරැවටෙන ලෙසත් මෙම රෝගයට බියවිය යුතු නැති බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

Last modified on Wednesday, 26 November 2014 15:22

Leave a comment

worky

worky1

ld add copy

Latest News

Connet With Us