දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් (30) තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය 2023 වසරේ දී රු. බිලියන 215.9 ක මුදලක්, සේවක අර්ථසාධක අරමුදලෙහි ප්‍රතිලාභ ආපසු ගෙවීම් ලෙස ගෙවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය මෙතෙක් ඉතිහාසයේ තනි වර්ෂයක් තුළ ගෙවා ඇති ඉහළම ප්‍රතිලාභ ගෙවීම් වටිනාකම වේ.

ගුවන් සේවා ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් සිදු කරමින් මෙරට ජාතික ගුවන් සේවය අන්තර්ජාතික තලයට ගෙන ඒමටත් වර්තමානයේ පත්ව ඇති ඛේදනීය තත්ත්වයෙන් මුදවා ගැනීමටත් මැදිහත්කරුවෙක් ලෙස ක්‍රියා කිරීමට මෙරට කීර්තිමත් ව්‍යවසායකයෙක් වන සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම සූදානම්ව සිටින බව එම සමාගම නිවේදනය කරයි.

ජපන් විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා 2024 මැයි 04 වැනි දින සිට 05 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.

ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායකවීමේ අවස්ථාව 2024 මැයි 31 දින දක්වා දීර්ඝ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු නංවාලීමට චීනයේ ක්‍රියාත්මක විශාල කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික එකතුව සහයෝගය පළකර තිබේ.

බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසල් සංඛ්‍යාව 1108 සිට 1578 දක්වා වැඩි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

කැම්බල් පිටියේ පැවැත්වෙන පොහොට්ටු මැයි රැලියේදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ තීන්දුවක් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි

Page 7 of 1403

worky

worky1

ld add copy

Connet With Us