2020 ශ්‍රී ලංකා රෑ රැජින කිරුළ ප්‍රථමවරට 17 හැවිරිදි තරුණියකට   Featured

Published in අනං මනං
Tuesday, 19 January 2021 10:14

2020 ශ්‍රී ලංකා රෑ රැජින කිරුළ හිමිකර ගැනීමට පිළියන්දල හැඩිගම පදිංචි 17 හැවිරිදි ශෙන්යා විජේරත්න සමත් වී තිබෙනවා.

ඇය කොල්ලුපිටිය මෙතෝදිස්ත විදුහලේ ආදි සිසුවියක බවයි වාර්තා වෙන්නේ.

තරගකාරියන් තුන්දහස් පන්සියයක් අතුරින් ඇය මෙම කිරුළ හිමිකර ගෙන ඇත. පවතින වසංගත අර්බුදය නිසා කිරුළු පැලඳවීමේ අවසන් උත්සවය ඉදිරියේ දී පැවැත්වීමට නියමිතයි.

සිය ජයග්‍රහණය පිළිබඳ ඇය මෙසේ ප්‍රකාශ කර ඇත.

“මෙම රූ රැජින තරගය සඳහා වීඩියෝ තාක්ෂණය මගින් විනිශ්චය මණ්ඩලයක් සමග සම්මුඛ පරීක්ෂණයක් තිබුණා. පසුව ඔවුන්ගේ කැඳවීමකට අනුව මා ඉදිරිපත් වුණා. නොහිතපු විදිහට ඒ අනුව මා තෝරාගත් බව දැනුම් දීමක් කළා. විශාල තරග වට ප්‍රමාණාකින් අනතුරුව අවසන් 12 දෙනා අතරට එන්නට හැකියාව ලැබුණා. පසුව එම 12 දෙනාගෙන් 10 දෙනෙක් තෝරාගත් අතර ඊටද මා ද තේරී පත් වුණා. පසුව තෝරපු දස දෙනාටත් පස් දෙනාටත් මා එක්වුණා. 17 වැනිදා අවසන් තිදෙනා අතරට තේරී ප්‍රථම ස්ථානය ලැබුවා. කිරුළු පැලඳීමේ උත්සවය පවත්වන අතර කොරෝනා තත්ත්වය මත උත්සව ආකාරයෙන් පැවැත්වීම බාධාවක් නිසා ඉදිරි දිනක එය පවත්වන බව සංවිධායකවරුන් දැනුම් දුන්නා” යැයි ශෙන්යා විජේරත්න පවසා තිබේ.

ඇයගේ අනාගත බලාපොරොත්තුව මීළඟ ආසියානු රූ රැජින තරගයට ඉදිරිපත් වීමටත්, එයින් රටට කීර්තියක් ඇති කර දීමටත්, නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාමටත් ඇයගේ බලාපොරොත්තුවයි.

මෙහි විශේෂත්වය වන්නේ එතෙක් මෙතෙක් පැවැති රූ රැජින තරගාවලියකදී වයස අවුරුදු 17 ක තරුණියක් රූ රැජින වූ ප්‍රථම අවස්ථාව මෙය මෙය වීමයි

-පංචාලි අබේසේකර

s new 1s new 2s4s 5

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us