එළිසබෙත් රැජින Game of Thrones සෙට් එකට ගිහින්

Published in කලා
Sunday, 29 June 2014 05:30

රාජාසනයක නොහොත් සිංහාසනයක ඉඳගන්න කරන යුද්ධය සුළුපටු නැහැ. බලය ලබාගන්න රජ වෙන්න මිනිස්සු කීයකගෙ ජීවිත බිලි ගන්නවද? ඉතිහාසෙත් එහෙමයි. අදත් එහෙමයි. ඔටුනු නොපැළඳුවත් බොහෝ රටවල් වල නායකයො ඉන්නෙ තමන් රජෙක් කියලා හිතාගෙන තමයි.

එංගලන්තෙ එලිසබෙත් රැජින අවුරුදු ගණනාවක් රජකම් කරනවා. ඇයට ලෝකයේ සියලුම රජවරුන් රැජිනක් හැටියටම සළකනවා. කාලෙක ඉඳන් H.B.O. නාලිකාවේ යනවා සිහාසනය වෙනුවෙන් රජ වීම වෙනුවෙන් යන ගේම් එකක් එහෙමත් නැත්නම් අපි කියන්නේ කවුරුත් දන්නෙ Game Of  Thrones කියලා. ලංකාවෙ පේ‍්‍රක්‍ෂකයො අතරත් හුගක් ජනප‍්‍රියයි. මෙය අමෙරිකන් මන: කල්පිතයක්. මෙහි රූගත කිරීම් සඳහා විවිධ රටවල්වල පසුතලයන් යොදා ගන්නවා.

පසු ගිය 23 වෙනිදා එංගන්තෙ මහරැජින නොහොත් එළිසබෙත් රැජින සහ පවුලේ අය උතුරු අයර්ලන්තෙ සංචාරයකට එක්වූ අවස්ථාවේ එම සංචාරයේ එක් අවස්ථාවක් වූයේ බෙල්පාට්ස් හි ඇති Game Of  Thrones සෙට් එක බලන්න ගිහිල්ලා. රැජිනගෙ වඩාත්ම සිත් අරගෙන තිබුනෙ සිංහාසනයයි. ඇයට සිංහාසනය අලුත් දෙයක් නෙමේ. ඒත් ඇය එහිදී ඒ සිංහාසනය සුවිශේෂී කැමැත්තක් දක්වලා තිබුනා. හැබැයි ඇය නියම රැජිනක් බව ඔප්පු වෙන්නේ විහිළුවටවත් ආශාවක් හිතිලා ඒ සිංහාසනේ නම් ඉඳගෙන නැහැ.

සාමාන්‍යයෙන් සැබැ රාජකීයත්වයක් ඇති අය ඒ ආකාරයේ සහසුන්වල අසුන්ගන්නෙ නැතිව ඇති. රාජකීය අමුත්තන් මේ ආකාරයට සෙට් එකට පැමිණීම නිර්මාණ කණ්ඩායම ට ගෞරවයක් සහ සතුටක් වීම නොඅනු මානයි.

(mirrorarts)

Leave a comment

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us