‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා කෘතියට "වාරණයක්"

Published in කලා
Tuesday, 18 November 2014 09:53

ජාත්‍යන්තර සම්මානයට පත් ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා නිර්මාණයේ බොහෝ දර්ශන ඉවත් කරන මෙන් ශ්‍රී ලංකා රැඟුම් පාලක මණ්ඩලය තමාට හදිසියේ දන්වා ඇති බව චිත්‍රපටයේ අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මහතා පවසයි.

සිය චිත්‍රපටය ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය කිරීමට මුලදී අනුමැතිය පළ කර සිටි රැඟුම් පාලක මණ්ඩලය පසුව මෙවැනි තීරණයක් ගෙන ඇති බව සිනමා අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මහතා සංදේශයේ සරෝජ් පතිරණ සමග සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේය.

අදාළ දර්ශන ඉවත් කිරීමෙන් සිය නිර්මාණය සම්පූර්ණයෙන්ම විකෘති වන බව පවසන අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මහතා, රැඟුම් පාලක මණ්ඩලයේ නව තීන්දුව සිය නිර්මාණය වාරණයට ලක් කිරීමක් ලෙස  හැඳින්විය.


ආදරය සහ අවබෝධය


“මේ චිත්‍රපටය පශ්චාත් යුද තත්වය විග්‍රහ කෙරෙන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ඇත්තටම ජාතීන් අතර එකිනෙකා අතර අවබෝධය වගේම ආදරය ඉල්ලා සිටින චිත්‍රපටයක්. එය කිසිදු පුද්ගලයකුට හෝ කිසිදු ආයතනයකට එරෙහි චිත්‍රපටයක් නෙවෙයි" යනුවෙන් ප්‍රසන්න විතානගේ මහතා සිය සිනමා කෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේය.

කෙසේ නමුත් ඒ පිළිබඳ රැඟුම් පාලක මණ්ඩලයේ බලධාරීන් සමඟ තවදුරටත් සාකච්ඡා කරන බවත් ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂකවරයා සංදේශයට වැඩි දුරටත් කියා සිටියේය.

මේ පිළිබඳ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ගාමිණී සුමනසේකරගේ අදහස් දැන ගැනීමට දැරූ උත්සාහය සාර්ථක නොවීය.

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us