සාර්ක් සිනමා උළෙල ජයගත් 'Motor Bicycle'

Published in කලා
Monday, 01 June 2015 10:52

05 වන දකුණු ආසියාතික (සාර්ක්) සිනමා උළෙලේදී, හොඳම සිනමාපටය හා හොඳම අධ්‍යක්ෂක යන ප්‍රධාන සම්මාන යුගලයෙන් පිදුම් ලැබීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා.

ඒ සමීර රංගනගේ සිනමා අධ්‍යක්‍ෂණයක් වූ මෝටර් බයිසිකල් (Motor Bicycle) සිනමාපටය උළෙලේ විශිෂ්ටතම සිනමාපටය ලෙසට පිදුම් ලැබුවා. 

පටිභාන (Perception) සිනමාපටය අධ්‍යක්‍ෂණය වෙනුවෙන් රබින් චන්ද්‍රසිරි උළෙලේ හොඳම අධ්‍යක්‍ෂක ලෙසත් සම්මානයට පාත්‍ර වුණා. මෙම සිනමාපට ද්විත්වයම අදාල සිනමාවේදීන් දෙපළගේ කුළුදුල් සිනමා නිර්මාණයන් වීම විශේෂත්වයක් වනවා. 


ඉහත සම්මාන ද්විත්වයට අමතරව ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලැබීමට 'Dreams,Weavers & Viewers' නම් කෙටි සිනමාපටය අධ්‍යක්‍ෂණය කල නයනි සන්ධ්‍යා චන්ද්‍රසිංහ සමත් වුණා.


උළෙලේ විශිෂ්ටතම සිනමාපටය ලෙසට පිදුම් ලැබු මෝටර් බයිසිකල් (Motor Bicycle) සිනමාපටය,

දසුන් පතිරණ, සමනලී ෆොන්සේකා, වීණා ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, කුමාර තිරිමාදුර ඇතුළු ප්‍රවීන හා යොවුන් රංගන ශිල්පීන්ගේ රංගන දායකත්වයෙන් සිනමාපටය හැඩ ගැන්වෙනවා.
  

2011 වර්ෂයේ ආරම්භය සනිටුහන් කල සාර්ක් සිනමා උළෙලේ, ශ්‍රි ලංකාව හොඳම සිනමාපටයට හිමි සම්මානය දිනාගත් සිව්වන අවස්ථාව මෙය වනවා.

2011- පළමු අදියර - බඹර වළල්ල (අතුල ලියනගේ)

2012- දෙවන අදියර- ආකාස කුසුම් (ප්‍රසන්න විතානගේ)
2014- සිව්වන අදියර- සුවිසි විවරණ (සරත් ධර්මසිරි)
2015- පස්වන අදියර- මෝටර් බයිසිකල් (සමීර රංගන)

එසේම හොදම අධ්‍යක්‍ෂණය උදෙසා වූ සම්මානයෙන් ශ්‍රි ලංකාව පිදුම් ලැබූ දෙවන අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් වනවා.


2014- සිව්වන අදියර- සරත් ධර්මසිරි (සුවිසි විවරණ)

2015- පස්වන අදියර- රබින් චන්ද්‍රසිරි (පටිභාන)

ඊයේ නිමාව දුටු පස්වන අදියරත් ඇතුළුව සාර්ක් සිනමා උළෙල ඉතිහාසයේ (2011-2015) පිරිනමන ලද මුළු සම්මාන සංඛ්‍යාව 36 ක් වන අතර , ඒ අතුරින් සම්මාන සංඛ්‍යාව 13කට හිමිකම් කීමට ශ්‍රි ලංකාව සමත් වීම කැපී පෙන්නවා.


හැට අට වසරක ශ්‍රි ලාංකේය සිනමා ඉතිහාසයේ , දීර්ඝ වෘත්තාන්ත සිනමාපට (Feature Length Films) උදෙසා ශ්‍රි ලංකාව ලද 188 වැනි සහ 189 වැනි අන්තර්ජාතික සිනමා සම්මානයන් ලෙසත්, 2015 වර්ෂයේදී ශ්‍රි ලංකාව ලද දෙවන හා තෙවන අන්තර්ජාතික සිනමා ජයග්‍රහණයන් ලෙසත්, ඊයේ රාත්‍රියේදී ශ්‍රි ලංකාව ලද සාර්ක් සම්මාන ද්විත්වය වාර්තා පොත් අතරට එක් වනවා.


2015 වර්ෂයේදී ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට ලද අන්තර්ජාතික සම්මානයන් පහතින් බලන්න.


1. රෝයල් රීල් සම්මානය- මංගල ගමන- නන්දන හේවාපන්න- 09වැනි කැනඩා අන්තර්ජාතික සිනමා උළෙල (වැන්කුවර්- කැනඩාව)


2. හොඳම අධ්‍යක්‍ෂක- රබින් චන්ද්‍රසිරි- පටිභාන- 05 වැනි සාර්ක් සිනමා උළෙල (කොළඹ -ශ්‍රි ලංකාව) 


3. හොඳම සිනමාපටය- මෝටර් බයිසිකල් -සමීර රංගන- 05 වැනි සාර්ක් සිනමා උළෙල (කොළඹ -ශ්‍රි ලංකාව) 


ශ්‍රි ලංකා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලා පරිශ්‍රයේදී 05 වන දකුණු ආසියාතික (සාර්ක්) සිනමා උළෙල ඊයේ නිමාවට පත් වුණා.


- උදිත ලක්මාල්-

උපුටාගැනීම : reader

motor1

motor2

motor3

motor4

motor5

 

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us