මනෝහාරීගේ "පෙම්බරා" සමග දොඩමළු වන්න 03 දා ජාතික පුස්තකාලයට එන්න

Published in කලා
Tuesday, 25 August 2015 07:06
ලේඛිකාවක මාධ්‍යවේදිනියක සහ වාර්ථා වැඩසටහන් ටෙලිනාට්‍ය අධක්‍ෂවරියක වන මනෝහාරී හේවාවසම් ගේ දෙවන නවකථාව පෙම්බරා එලැඹෙන සැප්තැම්බර් මස 03 දින කොළඹ 07 පුස්තකාලසේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී සවස 3.00ට ජනගත කරණු ලැබේ.
 
මනෝහාරී විසින් 2003දී මාලිනී ෆොන්සේකාගේ ජීවිත කථාව ඇසුරින් මාලිනී අභිණය පෙළහර නම් කෘතිය සහ ඇහැළමලී නවකථාව 2011දී රචනාකරන ලදී. 
 
ඇහැළමලී ස්වර්ණපුස්තක සාහිත්‍ය උළෙලේ අවසන් පොත් දොළහ අතරට තේරිපත්විය. 
 
පෙම්බරා මනෝහාරීගේ දෙවන නවකථාවයි. සැප්තැම්බර් 03දින උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. මූලාසනය ප‍්‍රවීණ ලේඛිකා සුමිත‍්‍රා රාහුබද්ධ විසින් හොඹවනු ලබයි. ප‍්‍රවීණ ලේඛකයන් හා විචාරකයන් වූ උපුල් ශාන්ත සන්නස්ගල හා මොහාන් රාජ් මඩවල ප‍්‍රධාන දේශන පවත්වනු ලබයි. 
 
පෙම්බරා තාරුණ්‍යයේ ආදරය තේමාකරගත් නවකථාවකි. 
 
ඇහැළමලී  නවකථාවට වඩා වෙසෙසින්ම වෙනත් මානයක නවකථාවක් වූ පෙම්බරා මව්බිම මුල්පුවත්පතේ සඳඑළිය අතිරේකයට ලියන ලද මහිමගේ කථාව ඇසුරින් ලියන ලද නවකථාවකි. 
 
පෙම්බරා ජනගතකිරීම සංවිධානය කරණු ලබන්නේ මිරර් ආර්ටස් වෙබ්පුවත්පත මගිනි.උත්සවය මෙහෙයවනු ලබන්නේ රසාදරී පීරිස් විසිනි.පෙම්බරා සංහිද ප‍්‍රකාශණයකි.

Leave a comment

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us