ඇකඩමි සම්මාන දිනූ 'Spirited Away' චිත්‍රපටය 22 දා පදනමේදී

Published in කලා
Thursday, 15 October 2015 11:34

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඩිජිටල් චිත්‍රපට ඇකඩමිය සංවිධානය කරනු ලබන මාසික චිත්‍රපටි ප්‍රදර්ශනය යටතේ මෙවර ජපන් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන හයාඕ මියසාකිගේ ඇකඩමි සම්මාන දිනූ 'Spirited Away' චිත්‍රපටිය ඔක්තෝම්බර් 22 වෙනිදා සවස 4.00ට ප්‍රදර්ශනය කරනු ලබයි.

චිත්‍රපට කලාව වෙනුවෙන් කළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් ඇකඩමි සම්මාන ජූරියේ විශේෂ ගෞරව සම්මානය පසුගිය වසරේදී(2014) හයාඹ් මියසාකි වෙත පිරිනමන ලදී.


අකිර කුරසාවා, සත්‍යජිත් රායි හැරුණු විට මෙම සම්මානය ලද තෙවන ආසියාතිකයා වන්නේ මියසාකිය.

මෙම චිත්‍රපටයට සමගාමීව ඉදිරිපත් කරනු ලබන ‘ ඉන්ද්‍රජාලික යථාර්ථය සිනමාවෙන් කියවීම‘ නමින් යුත් දේශනය කරනු ලබන්නේ මොහාන් රාජ් මඩවල විසිනි. එම සංවාද කවය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව විසින් මෙහෙයවනු ලබයි.

Leave a comment

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us