හමුදාපති පුටුව පෙනි පෙනී සංජය වනසිංහ ගෙදර යවන මෙහෙයුමක් !   Featured

Thursday, 05 October 2023 20:17

වත්මන් යුද හමුදාපතිවරයා යටතේ සීග්‍රයෙන් පිරිහෙමින් තිබෙන යුද හමුදාව ගොඩගැනීම සඳහා නිකැළල් සේවාවක් හිමි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් සංජය වනසිංහ මීළඟ හමුදාපති ධුරයට පත් කරනු ඇති බව නිලධාරින් හා සෙසු නිලයන් තබා තිබූ බලාපොරොත්තු බිඳ දමමින් ආරක්ෂක ලේකම්වරයාගේ වුවමණාව මත ජනාධිපතිවරයා, මේජර් ජෙනරාල් වනසිංහ හමුදාවෙන් විශ්‍රාම ගැන්වීම සඳහා ලිපියට අත්සන් තැබීම ගැන දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ.

රටේ සේනාධිනායක ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මෙම පියවර ගෙන ඇත්තේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ලබාදුන් නිර්දේශයක් මතය.

ලබන ඔක්තෝබර් 13 වැනිදාට වයස අවුරුදු 55 සපුරන මේජර් ජනරාල් සංජය වනසිංහ විශ්‍රාම ගන්වන්නේ යුද හමුදාවේ දෙවැනි තනතුර වන මාණ්ඩලික ප්‍රධානියාට සේවා දිගු ලබාදිය නොහැකි බව ජනාධිපතිවරයාට ඒත්තු ගන්වමිනි. එහෙත් මීට පෙර හමුදා ඉතිහාසයේ මාණ්ඩලික ප්‍රධානි තනතුර හෙබ වූ සරත් ෆොන්සේකා, ශවේන්ද්‍ර සිල්වා, දම්පත් ප්‍රනාන්දු, සත්‍යප්‍රිය ලියනගේ යන නිලධාරින්ට මෙන්ම මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරිට සේවා දිගු ලැබුණු බව ඉතිහාසය සඟවා දමමින් මේජර් ජනරාල් සංජය වනසිංහට යුද හමුදාපති පුටුව පෙනි පෙනී විශ්‍රාම ගැන්වීමට කටයුතු යොදා ඇත.

එදා මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාපති ධුරයට පත්වන්නේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුර හොබවද්දී ජනාධිපති විසින් ලබා දුන් සේවා දිගුව නිසාය. එවකට හමුදාපති වූ ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ හමුදාපති ධුරයෙන් කල් තියාම විශ්‍රාම ගන්වා ජෙනරල් සරත් ෆොන්සේකා හමුදාපතිවරයා බවට පත් කිරීමට රාජපක්ෂ පාලනය කටයුතු කළේය.

sarath fonsekaමේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු යුද හමුදාවේ 52 වැනි මාණ්ඩලික ප්‍රධානි ලෙස විශ්‍රාම ගිය 2018 ඔක්තෝබර් 03 දින රාත්‍රියේම තවත් මාස 3 ක සේවා දිගුවක් ඔහුට ලැබුණේය. එදා ඔහුට විශ්‍රාම යෑම වෙනුවෙන් ඔක්තෝබර් 3 වැනිදා උත්තමාචාර පෙළපාලිය පවත්වා නිවසට ගොස් නින්දට යන්නට සූදානම් වෙද්දී මාස 3 ක සේවා දිගුවක් ජනපති මෛත්‍රිපාල සිරිසේන ලබාදෙන්නට කටයුතු කළේය. එවකට හමුදාපති වූ ජෙනරාල් මහේෂ් සේනානායක හට හමුදාපති ධුරයේ තවත් සේවා දිගුවක් ලැබුණේ නැති වූවා නම් මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුටත් හමුදාපති ධුරය හිමි වන්නට තිබුණි.

dampath

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ 2019 නොවැම්බර් 15 විශ්‍රාම ගැනීමට සූදානම්ව සිටියදී 2020 මැයි 31 දක්වා සේවා දිගුවක් ලැබුණේය. ඒ නිසා ඔහුටද වයස අවුරුදු 55 සපුරා වැඩි කාලයක් සිටීමට අවස්ථාව ලැබුණි. එම අවස්ථාවම ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාටත් හිමි වූ අතර ඔහුට ලැබුණු සේවා දිගුව නිසා හමුදාපති ධුරයටද පත්වෙන්නට හැකි විය.

shawendra

එසේ නමුත් ලෝක හමුදා ඉතිහාසයට පියපුතු හමුදාපතිවරුන් දෙදෙනාගේ නාමය එක්කරන්නට ගිය වනසිංහලාට ඒ ඉඩ නොලැබී යන්නේ ඔවුන් අවංකව හමුදාවට කළ සේවය නිසාය. මේජර් ජෙනරාල් සංජය වනසිංහ හමුදාවෙන් ලැබෙන වැටුප, වාහන පවා නොගෙන තම පෞද්ගලික මුදලින් සියලු දේ කරගන්නා අවංක නිලධාරියකු බවට හමුදාවේම ප්‍රකටය. එහෙත් වත්මන් හමුදාපතිවරයා හමුදාවේ ගොවිපොළවල්වල ඇති බිත්තරයේ සිට කෑම බීම සියල්ලම ඉහළ නිලධාරින්ට සපයමින් සියල්ල සතුටු කරමින් සිටින නිසා ඔහුට තවදුරටත් මෙම තනතුරේ වැජඹෙන්නට වරමක් ලැබෙමින් පවතින බව පෙනෙනන්ට තිබේ.

වත්මන් හමුදාපතිවරයාට හමුදාපති ධුරයට පත් වීමට අවශ්‍ය මූලිකම සුදුසුකම වන නිකලැල් සේවය වෙනුවෙන් ලැබෙන පදක්කම් දෙක පවා නොමැති අයකු බව හමුදාවේ කවුරුත් දනිති. විශිෂ්ට සේවා විභූෂණ පදක්කම (VSV) උත්තම සේවා පදක්කම (USP) යන පදක්කම් දෙකම නොමැතිව හමුදාපති ධුරයට පත් වූ එකම හමුදාපති මොහු බවට ඉතිහාසයට එක්ව ඇත. ඉතිහාසය පුරා හමුදාපති ධුරය හිමි වූයේ නිකළැල් සේවය වෙනුවෙන් පදක්කම් උරුම කරගත් නිලධාරින්ට පමණි. වත්මන් හමුදාවේ නිකළැල් සේවය වෙනුවෙන් ලැබෙන එම පදක්කම් දෙක ඇතුළුව සුදුසුකම් සපුරා ඇති ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන්නේ මේජර් ජෙනරාල් සංජය වනසිංහය.

වත්මන් හමුදාපතිවරයාට මෙම මූලික අවශ්‍යතා නොමැතිකම පමණක් නොව යුද හමුදා සේවය අතහැර ගිය නිලධාරියකු ලෙසද ඔහුගේ ලිපිගොනුවේ කළුපැල්ලමක් ඇත. ශ්‍රී ලංකාවේ 11 වැනි යුද හමුදාපති වූ ජෙනරල් හැමිල්ටන් වනසිංහ හමුදාපති ධුරය බැබළ වූ චරිතයක් වූ අතර මෙරට ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරි හා ආරක්ෂක ලේකම් තනතුර පවා හෙබවිය. යුද හමුදාවට ස්නයිපවරුන්ගේ බළකායක් හඳුන්වා දුන්නේත් ඔහුය.

එදා තම පියා හඳුන්වා දුන් ස්නයිපර් බළකායට 2009 වසරේ අවසන් වූ මානුෂීය මෙහෙයුමේදී අණ දුන්නේ සංජය වනසිංහය. ඔහු ඒ වන විට කර්නල්වරයෙකි. 2009 වන්නි මානුෂීය මෙහෙයුමේදී ඔහු යටතේ සිටි ස්නයිපවරුන් 90 දෙනාට අණ දෙමින් කොටි නායකයන් ඇතුළු වැදගත් ඉලක්ක 2700 ඉලක්ක වෙඩික්කරුවන්ගෙන් සපුරා ගන්නට ද ඔහුගේ නායකත්වයට හැකි විය.

wanasinge

2019 දී නිකළැල් සේවය වෙනුවෙන් ලැබිය යුතු පදක්කම එවක පැවති රජයෙන් සංජය වනසිංහට නොදුන්න ද එය ඔහුට හිමිවන්නේත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ පසුවය. කෙනෙහිලිකම් මැද ඔහු පැමිණි ගමන හමුදාපති ධුරය දක්වා යෑමට තිබූ මග අවහිර වන්නේ ජනාධිපතිවරයාටද අසත්‍ය තොරතුරු හුවා දක්වමින් බව දැන් ජනාධිපතිවරයාටද එත්තු ගැන්වීමට යම් වගකිව යුතු පිරිසක් සූදානමින් ඇති බවත් දැනගැනීමට ඇත.

සිය පියා අතින් කැඩෙට් නිලධාරියකු ලෙස අධිකාරියට පත් වී ඉතිහාසයට නමක් තැබූ සංජය වනසිංහ සපුරා ඇති සුදුසුකම් අනුව හමුදාපති ලෙස පත් වූයේ නම් එය ලෝක හමුදා ඉතිහාසයේත් ලියැවෙන්නට තිබුණි.

වනසිංහ පවුල එල්ටීටීඊ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට විශාල කැපකිරීමක් කළ පවුලක් බවද ඉතිහාසය සාක්ෂි දරන්නේය.

1993 පුනරීන් සටනේදී දිවි පිදූ මේජර් පණ්ඩුක වනසිංහ ජෙනරල් හැමිල්ටන් වනසිංහගේ වැඩිමහල් සොහොයුරාගේ පුතාය. ජෙනරල් හැමිල්ටන් වනසිංහගේ බිරිඳගේ සොහොයුරාගේ පුතුන් වූ මේජර් නලින් ජයතිලක (1993 යාල්දේවි මෙහෙයුමෙදී) කර්නල් භාතිය ජයතිලක (2000 අලිමංකඩ මෙහෙයුමේදී) දිවි පිදූ රණවිරුවන් වූහ.

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us