ආර්ථිකය සමඟ මැතිවරණ සෙල්ලම් බෑ ! Featured

Monday, 01 April 2024 10:08

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වන තුරු කිසිදු මැතිවරණයක් පැවැත්වීම සිදු නොවන බව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමැතිවරුන් හා පවසා තිබුණේ හදිසි මහමැතිවරණයක් ඉල්ලමින් නැගෙන ඝෝෂාවට පිළිතුරු ලෙසිනි.

රටේ ආර්ථිකයේ අනාගතය සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක පියවර කිහිපයක් ගැනීමට සූදානම් වන මොහොතේ මැතිවරණ පවත්වා ඒ වැඩපිළිවෙල කඩාකප්පල් වීම සිදුවුවහොත් යළි මෙරට ගොඩගත නොහැකි ආගාධයකට වැටීම නියතියක් බව ජනාධිපතිවරයා පමණක් නොව ආර්ථිකය ගැන යන්තම් දැනුමැත්තකුට හෝ අවබෝධයක් තිබේ. ජනාධිපතිවරයා මේ මොහොතේ කටයුතු කරමින් සිටින්නේ රට ගොඩනැගීම වෙනුවෙන් වන වගවීම සිය උරමතට ගෙන බව පැහැදිලිය.

කොහොම නමුත් මුළුමනින්ම කඩා වැටී නැතිබංගස්ථා වීමට නියමිතව තිබු මෙරට පැවැත්ම පසුගිය අවුරුදු දෙක මුළුල්ලේ ක්‍රියාත්මක කළ හදිසි ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගේ ප්‍රතිපලයක් ලෙස මේ වන විට යම් ස්ථාවරත්වයක් අත්පත් කරගෙන තිබෙන බව පැහැදිලි කරුණකි. නමුත් තව දුරටත් අවදානම්කාරි මාර්ගයක ගමන් කරමින් සිටින බවත් ඇත්තකි. එසේම පුරවැසි ජනතාව මුහුණ දෙමින් තිබු පිඩාකාරිත්වයන් රැසකින් මුදවා යම් සහනදායි කාලයක් මේ වන් විට උදාවී තිබෙන බවත් ඇත්තකි.

එහෙත් මේ අතර පසුගියදා ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලැබු නවතම වාර්තාවන් අනුව ජනතාවගේ ජීවන වියදම තවමත් ඉහල යමින් පවතින බව හෙළිදරව් වී ඇත.

මේ අනුව, මෙරට එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මසකට අවම වශයෙන් රුපියල් 17,014ක මුදලක් වැය වන බව ප්‍රකාශකර ඇත. එනම් 4 දෙනකුගෙන් යුත් පවුලක සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මසකට අවම වශයෙන් රුපියල් 68,056 මුදලක් අවශ්‍ය බවය.

මෙම අගයන් 2023 වසරේදී රුපියල් 16,524ක් විය. ඒ අනුව 2024 වසරේදී එම වියදම රුපියල් 17,014ක් දක්වා රුපියල් 490කින් වැඩි වී ඇත.
ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දත්ත අනුව 2019 වසරේදී මෙම අගය රුපියල් 6,966ක මුදලකි. එන්ම මේ වන විට සියයට 144 ක ඉහළ යාමකි.

මෙම සංඛ්‍යා දත්ත අනුව පුරවැසියා තවදුරටත් යම් පීඩනයක් සහිතව සිටින බව පිළිගැනීමට සිදුවේ.

එහෙත් මෙම තොරතුරු පෙන්වමින් විපක්ෂය චෝදනා කරන්නෙ ආර්ථිකය ගොඩ දැම්මා කිව්වට එහෙම සිදුව නැති බවටය උද්ධමනය අඩු වුණා කිව්වාට එහෙම වෙලා නැති බවටය. නමුත් මේ කතන්දර ජනතාව නොමඟ යැවීමකි.

රටේ ආර්ථිකය පැවැතියේ තව වසර දහයකටවත් ගොඩගැනීම සිදු කළ හැකි යැයි සිතන්වත් හැකි තැක නොවේ. රට භාරගන්න කිව් විට විපක්ෂය එය මඟ හැරියේ එය භාරගෙන තමන්ට රට තවදුරටත් කඩා වැටීම හෝ නවත්වා ගැනිමේ හැකියවක් දනුමක් වැඩපිල්වෙලක් හෝ කිසිවක් නොමැති නිසා බවත් එවකටම පැහැදිලි විය.

රනිල් වික්‍රමසිංහ මෙය භාරගත්තෙත් මෙය දවසෙන් දෙකන් මැජික් පෙන්වා කළ නොහැකි බව දැන ගෙනය. නමුත් කිසිවකු හෝ රට තවත් විනාශ වීම වැලක්වීම වෙනුවෙන් මේ ආවදානම, අභියෝගය භාරගත යුතු වීම යුගයේ අනිවාර්ය වුවමණාවක් විය. රනිල් සිදු කළේ ඒ ඓතිහාසික යුග කර්තව්‍යයය.
කෙසේ නමුත් ඔහු සාර්ථක විය. ඔහු ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති සැලසුම් ක්‍රියාමාර්ග සාර්ථක විය. ඒ නොවෙන්න රට අද තිබෙන්නේ මෙතැන නොවේ.

2022ට වසරටත් වඩා දුෂ්කර තැනකය. රටේ අවාසනාවකට හෝ එදා විපක්ෂයේ කවුරු හෝ අපි කරලා පෙන්වන්නම් කියා රට භාරගත්තා නම් සිදු වුයේ කුමක්ද කියා කල්පන කරන්නවත් රටක් ඉතුරු නොවෙනු ඇත. කෙසේ නමුත් ආර්ථික වර්ධන වේගය අද ධනාත්මක පැත්තට මේ වන විට හරවා ගැනීමට හැකිව ඇත. රටේ විදේශ විනිමය සංචිතයන් ගොඩනඟා ගෙන ඇත. රාජ්‍ය ආදායම් යළි වැඩි කරගෙන ඇත. තෙල් විදුලිය ගෑස් ආහාර ඖෂධ පොහොර ආදිය අඛන්ඩව සපයමින් තිබේ. සංචාර ව්‍යාපාරය, අපනයන නිශ්පාදනයන් වර්ධන කරගනිමින් තිබේ. අර්බුදය නිසා පීඩාවට පත් වූවන්ට සහනාධාරයන් දෙමින් ඔවුන් නඟා සිටුවීමේ බර ද රජය කරට ගෙන ඇත.

රටේ ආර්ථිකය ගොඩගත්තා කියන්නේ රටේ සියලු ආර්ථික සාමාජිය ගැටළු නිරාකරණය කරගත්තා කියන එක නොවේ. ආර්ථිකය කඩා වැටීම නවතා ආපසු වර්ධනය වන තැනට ඇද දැමීමය. ආර්ථිකය ගොඩදමා නැතැයි විපක්ෂය සිතනවා හෝ කියනවානම් ඒ ඔවුන්ගේ ගෝබ්බකමය, නැත්නම් තක්කඩි කමය.
එදා තිබුණු උද්ධමන වේගය සියයට 70 ක් අගය අද සියයට 0.9 ට අඩු කරගෙන ඇත.

එදා පැවැති උද්ධමන වේගය දිගටම පැවැතියා නම් සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශ කරන අවම මාසික වියදම රුපියල් දාහත් දහසේ නවතින්නේ නැත..එය ලක්ෂ ගනන් වලින් පැවැසීමට සිදුවෙනු ඇත. රජය ගත් කඩිනම් ප්‍රතිසංස්කරණයන් නිසා උද්ධමය වේගයෙන් අඩු කරගැනීමට හැකිවීම මෙම අගයන්ගෙන් හෝ බේරීමට මහෝපකාරි විය. අනෙක් කාරණය උද්ධමනය අඩු වුණාට බඩු මිල අඩු වෙලා නැතැයි කියමින් විපක්ෂ තක්කඩියන් නඟන අඳෝනව ද ඇත්ත එකක් නොවීමය. දැන දැනම කරුනු විකෘති කිරීමකි.

උද්ධමනය යනු බඩු මිල වැඩි වීම නොවේ. බඩු මිල වැඩි වීමේ වේගයය. බඩු මිල 2019 වසරේ පැවැති අගයන්ටවත් අඩු වන්න නම් උද්ධමනය නැත්තට නැති වී ගොස් එය අනෙක් පැත්තට එනම් අවධමනයක් විය යුතුය. නමුත් එහෙම වන්නේ නැත. අවධමනයකට රටක් ඉඩ දෙන්නේ නැත. මන්ද එමඟින් වඩා බරපතල ආර්ථික අර්බුද ඇතිවීම වැලැක්විය නොහැකි බැවිනි. හැමදාමත් බඩු මිල යම් මට්ටමින් වැඩිවීම සිදුවේ. උද්ධමනය පාලනය කිරීමෙන් වෙන්න එම වැඩිවීමේ වේගය අඩු කිරීමය.

සංඛ්‍යා ලේඛන දෙපර්තමේන්තුවේ තොරතුර අනුව පෙන්නුම් කරන්නේ පසුගිය කාලයේ උද්ධමනය වැඩි වීමෙහි ප්‍රතිපලයන්ය. උද්ධමනය වැඩි වූයේ පෙර පැවැති පාලනය විසින් ගත් වැරදි ප්‍රතිපත්ති තීරණයන්ය. දැන් එය නිවැරදි කර ඇත.

එහෙත් බඩු මිල අඩුවීම සිදුනොවීමේ ප්‍රශ්නයට පිලිතුර විය යුත්තේ ආදායම් ඉහළ නංවා ගැනීමය. විශේෂයෙන්ම ආර්ථික හැකියාවන් අඩු ජන කොටස් තුළ ඒ හැකියාව වර්ධනය කිරීමය. රජය සමාජාරක්ෂණ පියවරයන් මෙන්ම යළි කෘෂි, කාර්මික හා සේවා ක්ෂේත්‍රයන් නවීකරණය කරමින් ඒ වර්ධනය කිරීමේ පියවරයන්ට මුලිකත්වය දී ඇත්තේ ඒ නිසාය. නව ව්‍යවසයකත්වයන් ගොඩනැගන්න පියවර ගන්නේ ඒ නිසාය. නව රැකියා අවස්ථා ගොඩනඟන්නේ ඒ නිසාය.

අද වන විට ඩොලරයේ අගය අඩු වෙමින් ද තිබේ. එය මෙරා ආනයනික ද්‍රව්‍ය වල මිළ අඩු වීමටත් මෙරට නිශ්පාදන ක්ෂේත්‍රයන් යළි ගොඩනැගීමටත් සහය වන්නකි. මේ වන විටත් මේවායේ ප්‍රතිලාබ රටට ලැබෙමින් ඇත. රටේ ආර්ථිකය වඩාත් ස්ථාවර වෙමින් වර්ධනය වීමට පටන් ගෙන ඇති බවට තවත් කොතෙකුත් උදාහරණ පෙන්වා දිය හැකිය.

එහෙත් මේ මොහොතේ වැදගත්ම දේ අර්බුදයෙන් රට මුදවාගෙන මේ යන මාර්ගයෙහි තවදුරටත් අඛන්ඩව අත් නොහැර යෑමේ හැකියාව ශතක්තිමත්ව තබා ගැනීමය. මෙය අතුරේ යනවා වැනි අවදාන්ම්කාරී ගමනකි. සුළු වැරුද්දකින් සියල්ල විනාශ විය හැකිය. මෙම්නිසා ආර්ථිකය සමඟ සෙල්ලම් කළ නොහැක. රටේ ආදායම් වර්ධනය කරගැනීමට, ජනතාවගේ ආදායම් වර්ධනය කරගැනීමට තව බොහෝ දේ කළ යුතුව ඇත. කරමින් යන දේ අඛන්ඩව කරගෙන යා යුතුය.

විපක්ෂයේ තක්කඩියන් කියන ලෙස අර සහන මේ සහන දෙමින් ජනප්‍රිය වැඩ කළ නොහැක. ආර්ථිකය ස්ථාවර වන තරමට එය සක්‍රීය වන තරමට එහි ප්‍රතිලාබයන් ජනතාවට ලැබිය යුතුවා මිසක යළි රට පරදුවට තබා පිස්සු කෙළිය නොහැක.

ජනාධිපති රනිල් වෙහෙසෙන්නේ රටේ ආර්ථිකය නංවාලීම වෙනුවෙන් මිසක විපක්ෂය මෙන් ජඩ දේශපාලන සෙල්ලම් කිරීමට නොවන බව අවධාරණය කළ යුතුය. විපක්ෂයේත් මේ වන විට ආණ්ඩු පක්ෂයේ ඇතැමුන්ටත් මහමැතිවරණ හදිස්සියක් තිබුණද ජනාධිපති රනිල් සිටින ස්ථාවරය වන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණයන්, ණය ප්‍රතිව්‍යුහගත කරණය අදී තීරණාත්මක අවස්ථා කිහිපය පසුවන තුරු මැතිවරණයකට නොයෑමටය. එනම් එළඹෙන අගෝස්තු මාසයෙන් මෙපිට දේශපාලන සෙල්ලම් කර රට අනතුරේ නොහෙලීම විය යුතු බවටය. එළැඹෙන ජුලි මාසය වන විට මුල්‍ය අරමුදලේ සිව්වන වාරිකය ලැබීමත් ණය ප්‍රතිවුහගත කිරීමේ කටයුතුත් අවසන් වීමත් සමඟ රටට දැඩි අවදානම්කාරිත්වයෙන් මිදීමේ හැකියාව ලැබෙයි. මෙතෙක් ජනාධිපතිවරයා දැඩි ඉවසීමක් සහ ද්‍රෘඩවත් තමන් භාරගත් රාජකාරියේ වගකීම නූලට තිතට ඉටුකළා සේ ඒ වන තෙක්ම එය ඉටුකරන බවද සහතිකය.

ඒ අනුව අවසන් වශයෙන් කාටකාටත් කියන්න සිදුවන්නේ මේ ගෙවෙන්නේ රටේ ආර්ථිකය සමඟ, ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කළ යුතු කාලයක් නොවන බවය.

- chatham street journal

 

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us