නිලන්ත ඉලංගමුව
අවසානයේදී ඔහු තම මංගල රැළිය පැවැත්වුවේය. ඒ අද අනුරාධපුරයේදීය. නමුත්, කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා මෙන් මහා ඝෝෂාවක් කළ පමණට ඔහුට ඔහුගේ අදහස නිවැරදිව ප්‍රකාශ කර ගැනීමට පවා නොහැකි විය. යමක් කිව්වේය. එය ඇසීමට සැලකිය යුතු පිරිසක් ඒකරාශී කරගැනීමටද සමත් වූ සැටියකි. මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ගේ විභාගය පවා කඩාකප්පල් කොට එම කටයුත්ත අසමජ්ජාති ලෙස හෝ සිදුකොට ඇත. ඊට එකතු කරගත් සෙනඟ දැකීමෙන් ඊට සහභාගී වූ සියලුම දෙනා අන්ද මන්ද වී කීමට සිටි සියල්ල අමතක වූ ස්වභාවයක් පෙන්නුහ.
නිලන්ත ඉලංගමුව
වරක් බුරුමයේ ( මියන්මාරයේ) හමුදා ආණ්ඩුව තම දේශපාලන ප්‍රතිවාදීන් මට්ටු කිරීම සඳහා යාග හෝම පවත්වන බව ප්‍රසිද්ධ විය. කලක් තිස්සේ හොර රහසේ කළ එම කටයුතු හෙළිදරව්වීම මඟින් බොහෝ රසවත් දෑ කරළියට ආවේය. ආණ්ඩුවට තිබු ප්‍රභලතම අභියෝගය වූයේ අවුන් සාන් සූ කීගේ දේශපාලනයය. මොණරා, ඇය නියෝජනය කරන ප්රජාතන්ත්රවාදය උදෙසා වූ ලීගයේ සංඛේතය විය.
ගතවූ වසරේ නීතියේ රැහැනට හසුවූ අලි හොරුන්ට- හොර අලි පැටවුන්ට මොකද වුණේ ?
(වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ගතවූ වසර තුල හෙළිකරගනු ලැබූ අලි පැටවුන් ජාවාරම්වල ඉදිරි විමර්ශන කටයුතුවල වර්තමාන ප්‍රගතිය පිළිබඳ විමසා බැලීමක්)
ශ්‍රී ලංකාවේ වනාන්තර වල දිවි ගෙවූ වන අලි රංචු වලින් කුඩා පැටවුන් පැහැරගෙන විත් රුපියල් කොටි ගණනින් මුදලට විකිණීමේ ජාවාරමක් රට තුල ක්‍රියාත්මක වන බවට පරිසරවේදීන් විසින් දිගින් දිගටම සිදු කරුණු ලැබූ හෙළිදරව් කිරීම් සනාථ කරමින් ගතවූ වසර තුල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අලි පැටවුන් සම්බන්ධ ඉදිරි විමර්ශන මේ වන විටත් පවතින්නේ ඉතා ඇල්මැරුණු ස්වභාවයකින් බව අවධාරණය කල යුතුය.
2009 දී එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් නිදහස් වන්නට ලැබීම ලාංකිකයන්ට මහත් අස්වැසිල්ලක් විය. ඉන් පසු ඔවුන් තුළ තිබුණේ, සමාජ ප්‍රගතිය සහ යහපාලනය ගැන අපේක්ෂාවන් ය. එහි ගෞරවය පැහැදිළිවම රාජපක්ෂ පාලනයටත් සටන් පෙරමුණේ සිටි සියල්ලන්ටත් හිමි විය යුතුය.
නිලන්ත ඉලංගමුව
මෙවර ඔහු කළගුණ සැලකීම ගැන කියන්නේය. දේශපාලනයේදී එය ඉතාම වැදගත් බවද කියන්නේය. සැබවින්ම මහින්ද රාජපක්ෂට අනුව කළගුණ සැලකීම යනු කෙනෙක් තවත් අයෙකුගේ පැවැත්ම සඳහා යමක් කොට ඇත්තේද එම පුද්ගලයා වෙනුවෙන් යම්කිසි "යහපත්" දෙයක් කළ යුත්තේය, යන්න නොව එහි සම්පූර්ණ අනෙක් පැත්තය. එසේම රාජපක්ෂ මේ කතා කරන්නේ, විනී ද පූහ් එන කුඩා උරූ පැටියා ගැනද නොවේ.
ප්‍රායෝගික විචාර කලාවේ අත්පොතක් බඳු “මකරන්ද කාව්‍ය විමංසා”
නිලන්ත ඉලංගමුව
ජනාධිපති රාජපක්ෂ මේ කතාකරන්නේ සැලුන් දොරක් ගැන නොවේ. ඔහු කතා කරන්නේ, දැලිපිහියෙන් රැවුල කපනු ලබන බාබර් සාප්පුවේ ඇති දොර පිළිබඳවය. මෙවැනි දොරවල් වර්තමානයේදී ඉතා අල්පය. නමුත් රාජපක්ෂගේ දේශපාලනය සැලුන් දොරක් වැනිය යනුවෙන්, ඔහු ඉදිරිපත් කරන අදහසට ඉතා වැදගත් ස්ථානයක් තිබේ.