ISIS ත‍්‍රස්තවාදීන්ගේ මීළග ඉලක්කය බටහිරයි.

Published in විදෙස්
Tuesday, 02 September 2014 11:39
ඔහු පවසා ඇත්තේ සිරියාව සහ ඉරාකය තුළ බලය තහවුරු කරගනිමින් සිටින ටක්ෆිරි සටන්කාමීන් ගණන් නොගන්නේ නම් ඔවුන් තවත් මාසයකින් යුරෝපයටත් තවත් මාසයකින් ඇමරිකාවටත් පැමිණෙනු ඇති බවයි.
 ත‍්‍රස්තවාදය දේශසීමා නොමැති බවත් මැදපෙරදිගින් ඔබ්බෙහි රාජ්‍යයන් ගණනාවක් මෙම අනතුරට මුහුණදී ඇති බවත් අබ්දුල්ලා රජුගේ අදහසයි.
 
ඔහු මේ අදහස් දක්වා ඇත්තේ සවුදි අරාබියේ නව ඇමරිකානු තානාපතිවරයා ඇතුළු නව තානාපතිවරුන් පිළිගැනීම සඳහා පැවති උත්සවයක් අමතමින්ය.
 
ටක්ෆිරි සටන්කාමීන් විසින් සිදුකරන ලද හිස් ගසා දැමීම් සහ ඒවා කුඩා දරුවන්ටත් පෙනෙන අයුරින් වීදිවල ප‍්‍රදර්ශනය කිරීම් ආදී ත‍්‍රස්ත ක‍්‍රියා සැවොම දැක ඇති බවත් ඔවුන් ඉදිරියට සිදුකරනු ඇති දේ පැහැදිලි බවත් ඔහු සඳහන් කර තිබේ.
 
බලය, අරමුණ සහ අවශ්‍ය වේගයෙන් යුතුව ත‍්‍රස්තවාදය හා සටන් වැදිය යුතුය යන පණිවුඩය තම රාජ්‍ය නායකයින් වෙත ගෙන යන ලෙසද අබ්දුල්ලා රජු නව තානාපතිවරුන්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
 
කෙසේවෙතත් විචාරකයන් පවසන්නේ සවුදි රජුගේ මෙම ප‍්‍රකාශය උත්ප‍්‍රාසාත්මක බවය.

 

Last modified on Tuesday, 02 September 2014 12:29

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us