ජයලලිතා ගෙන් සාමිට විරුද්ධව නඩු

Published in විදෙස්
Tuesday, 09 September 2014 11:15
 තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන සුබ්‍රමනියම් සාමිට එරෙහිව අපහාස නඩුවක් චෙන්නායි අධිකරණයේ දී ගොනුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සැප්තැම්බර් පළමු වැනි දින සහ දෙවන දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වු ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුණු අතර අදාළ ධීවරයින් සහ යාත්‍රා නිදහස් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස බලකරමින් ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි වෙත ලිපියක් යොමු කළේය.
 
තවද නරේන්ද්‍ර මෝඩි වෙත ලිපියක් යොමුකරමින් සුබ්‍රමනියම් සාමි ද  සඳහන් කර ඇත්තේ අදාළ ධීවරයින් පැමිණි යාත්‍රා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරියට සහ ඩි.එම්.කේ.පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ටි.ආර්.බාලුට අයත් බවය.
 
මේ අනුව සුබ්‍රමනියම් සාමි විසින් සිදුකර ඇති එම ප්‍රකාශයෙන් තමාට අපහාස වී ඇති බව චෝදනා කරමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ඊයේ08  මෙම නඩුව ගොනුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us