අදේවවාදී ගුවන් සෙබළා හමුදාවෙන් ඉවතට

Published in විදෙස්
Sunday, 14 September 2014 19:02

american-air-forcesඇමරිකානු ගුවන් හමුදා ප‍්‍රතිඥාවේ එන වාක්‍යයක් පැවසීමට අකමැතිවූ අදේවවාදී ගුවන් සෙබළෙකුගේ සේවා කොන්ත‍්‍රාත්තුව අළුත් කිරීම අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

ප‍්‍රතිඥාවේ අවසන් වචනය ලෙස දෙවියනි මට පිහිට වන්න යනුවෙන් යැදුමක් අඩංගුවී ඇති අතර මෙම ගුවන් සෙබළා එය තම විශ්වාසයට පටහැනිවීම හේතුවෙන් අවසන් වාක්‍යය නොකියවා සිට තිබේ.

ඇමරිකානු මානවවාදී සංවිධානය පවසන්නේ දෙවියන් ඉදිරියේ නොයදින්නේ නම් ගුවන් හමුදාවෙන් ඉවත්වීමට සිදුවන බව සෙබළාට ඔහුගේ ඉහළ නිලධාරීන් විසින් බලකොට ඇති බවයි.

අදාළ සෙබළාද සාමාජිකත්වය දරන අදේවවාදී සහ අඥෙයවාදී හමුදා සාමාජිකයින්ගේ සංවිධානයක් විසින් මේ බව තමන්ට දැනුම් දුන් බව ඇමරිකානු මානවවාදී සංවිධානය පවසා ඇත.

එයට සම්බන්ධ අප්පිග්නානි මානවවාදී නීති මධ්‍යස්ථානය විසින් නෙවාඩා ප‍්‍රාන්තයේ ඉන්ඩියන් ස්ප‍්‍රිංස්හි ක‍්‍රීච් ගුවන් හමුදා කඳවුරේ සේවය කළ එම සෙබළා අදේවවාදී දිවුරුමක් මගින් සේවයේ ප‍්‍රතිඥා දීමට කටයුතු කරන ලෙස ඇමරිකානු ගුවන් හමුදාවට දැනුම්දී ඇත.

කෙසේවෙතත් ගුවන් හමුදාව විසින් එහි මින් පැවති ඇතැම් නීති 2013දී හොර රහසේම වෙනස් කර ඇතැයි හෙළිවී ඇති අතර ඒ අනුව කොංග‍්‍රසය විසින්ද පිළිගෙන ඇති නව ගුවන් හමුදා නීතියේ දැක්වෙන්නේ දෙවියන් ඉදිරියේ දිවිරීම අනිවාර්යයක් බවයි.

මෙමගින් ඇමරිකානු ව්‍යවස්ථාවේ ආගමික නිදහස පිළිබඳ පළමු සංශෝධනය උල්ලංඝනය වී ඇති බව විචාරක අදහසයි.

(ලංකාසීනිවුස්)

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us