නේටෝ හමුදා ඇෆ්ගන් මෙහෙයුම් නිම කරයි

Published in විදෙස්
Monday, 29 December 2014 10:15

නේටෝ හමුදාව ඇෆ්ගනිස්තානයේ සිදු කළ ඒකාබද්ධ සන්නද්ධ මෙහෙයුම් නිල වශයෙන් සමාප්ත කර තිබේ.

වසර දහ තුනක් තිස්සේ තාලිබාන් කැරැල්ලට එරෙහිව නේටෝ හමුදා ඇෆ්ගනිස්තානු භූමියේ ගෙන ගිය යුද්ධයේ නිමාව සනිටුහන් කළේ කාබුල් නුවර හමුදා උත්සවයක් පවත්වමින්.
මේ වසර අවසානය වන විට විදේශ හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමට නියමිතයි.

නමුත් ඇෆ්ගන් හමුදාවට පුහුණු සහ අනෙකුත් විවිධ සහාය ලබා දීම සඳහා විදේශ හමුදා භටයන් දහතුන් දහසක් පමණ ඇෆ්ගනිස්තානයේ රැඳවීමට තීරණය කර තිබේ.

ඇෆ්ගන් යුද්ධය නිසා විදේශ හමුදා භටයන් තුන්දහස් පන්සියයක් පමණ මරණයට පත් වූ අතර ඉන් තුනෙන් දෙකක් ම ඇමරිකානු හමුදා භටයන්.

දශකයකට අධික කාලයක් තිස්සේ විදේශ හමුදා ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් දියත් කළ නමුත් තාලිබාන් ප්‍රහාරයන් හි අඩුවක් තවමත් දක්නට නැති බවයි වාර්තාකරුවන් පවසන්නේ.

(bbc)


Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us