'සුරක්ෂා' නිවසේ නිලධාරීන් බිරිඳට පහරදීලා

Published in විදෙස්
Tuesday, 29 July 2014 15:34


ඕමානයේදී අරාබි ජාතික හාම්පුතාගේ අතවරයට ලක්ව එරට ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ 'සුරක්ෂා'නිවසේ රඳවා සිටින තම බිරිඳ ඉතා ඉක්මනින් ශ‍්‍රී ලංකාවට ගෙන්වාදෙන ලෙ ඉල්ලමින් අම්පාර ප‍්‍රදේශයේ පුද්ගලයෙකු ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ඊයේ (28)දා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 

ඇය ලංකාවට ගෙන්වන තෙක් ආරක්ෂා සහිතව වෙනත් තැනක රඳවා තබාගැනීමට පියවර ගන්නා ලෙසටත්,ඇයට සිදු වූ අසාධාරණයට එරෙහිව ඊට සම්බන්ධ පුද්ගලයන්ට නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් ඔහු මෙලෙස පැමිණිලි කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස ඕමාන තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලය භාරයේ ඇති ‘සුරක්ෂා’ නිවසේ තිදෙනෙකු නම් කොට ඇත.

දූෂණයට ලක්වූ බව කියන කාන්තාව ගැබ්ගෙන ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව ශ‍්‍රී ලාංකික ගෘහ සේවාකාවන්ගේ ආරක්ෂාවට ඇති 'සුරක්ෂා' නිවසේ නිලධාරීන් ඇයට පහර දී, තර්ජනය කර බලහත්කාරයෙන් එරට පෞද්ගලික රෝහලකදී ගබ්සාවකට ලක්කර ඇති බවද එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us