ඉන්දියාවේ 150ක් නාය යෑමකට හසුවෙයි

Published in විදෙස්
Wednesday, 30 July 2014 18:43

ඉන්දීය මහාරාෂ්ට ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ අබේගාන් ප්‍රදේශයේ ගම්වැසියන් එක සිය පනහකට අධික සංඛ්‍යාවක් නාය යෑමකට හසු වී තිබේ.

එම අනතුරින් නිවාස හතළිහක් පමණ විනාශ වී තිබෙන බව එම ප්‍රදේශයේ බලධාරියෙක් පවසයි.

පැවති ධාරානිපාත වර්ෂාවෙන් අනතුරුව මෙම නායයෑම සිදු වී ඇත.

සහන සේවකයෝ අනතුර සිදු වූ ප්‍රදේශයට ලඟා වී ඇති බව ඉන්දීය ජාතික ආපදා කළමනාකරණ බලකායේ නිලධාරියෙක් බීබීසියට පැවසුවේය.

නොනවත්වා පවතින දැඩි වර්ෂාව හා අබලන් වූ මාර්ග හේතුවෙන් සහන සේවකයන් හට අනතුර සිදු වූ ස්ථානයට ලඟා වීමට බාධා එල්ල වන බව එම නිලධාරියා වැඩි දුරටත් පවසයි.

"ඒ ගමේ නිවාස නවසීයක් පමණ තිබිලා තියනවා. නාය යෑමට හසු වුණු අය සුන්බුන් අතර හිර වෙලා ඉන්න බවට සැක ඇති බව අපිට දැන ගන්න ලැබිලා තියනවා" යනුවෙන් ආපදා බලකායේ නිලධාරියා බීබීසීයට පැවසුවේය.

අනතුරින් දිවි ගලවා ගත් ගම්වැසියන් එක් වී සුන්බුන් ඉවත් කිරීම ආරම්භ කර ඇත.

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us