රනිල් ‍රැකගන්න පොහොට්‍ටුවේ සහය...! රවී , වජිර,...පක්කලි වැඩගොඩක Featured

Published in පුවත්
Wednesday, 04 September 2019 19:41

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රභූ පාර්ශ්වය නියෝජනය කරන සුළුතර මැති ඇමැතිවරු පිරිස මේ වන විට තම නායකයා රැක ගැනිමටත් සජිත් ප්‍රේමදාස පාර්ශ්වයට එරෙහිව අවලාද නැගීමටත් පොදුජන පෙරමුණේ සහය ලබා ගනිමින් තිබේ. එසේම සජිත් ප්‍රේමදාස එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස ‍තෝරා පත් කරගැනීම වැලැක්වීමට මහින්ද රාජපක්ෂ සහ එම රාජපක්ෂ පවුලේ සාමාජිකයන් පසුගිය සති කිහිපය මුලුල්ලේම අගමැතිවරයාගේ පාර්ශ්වයේත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙත් සහය ඉල්ලා තිබුණු බවත් කසුකුසුවක් තිබිණි.

එජාප නායක රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂාවද සජිත් ප්‍රේමදාස ඇතුලු එම බහුතර කණ්ඩායම අඩපණ කොට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනීම වෙයි. ඊට මහින්ද රාජපක්ෂගේද කැමැත්ත හිමිව තිබේ. ඒ වෙන කිසිවක් නිසා නොව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළද තමන්ටත් තම පවුලේ සාමාජිකයන්ට එරෙහිව තිබෙන චෝදනා කිසිවක් සම්බන්ධයෙන් නීතිමය ආරක්ෂණය ඔහුගෙන් ලැබිය හැකි බැවිනි. සාමාන්‍යයෙන් රනිල් වික්‍රමසිංහ කවර බරපතල එදිරිවාදිකම් තිබුණත් සිය ප්‍රභූ පැලැන්තිය ආරක්ෂා කිරීම නියත වශයෙන්ම සිදු කරන පුද්ගලයෙකි. ඒ ඉතිහාසයේ සිටම ඔහු ඔප්පු කර තිබෙන දෙයකි. එසේම අනෙක් පසින් රාජපක්ෂ පවුලෙන්ද රනිල් පාර්ශ්වයේ ආරක්ෂාව සහතික කර තිබේ.

අද පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාද අවස්ථාවේදී පොදුජන පෙරමුණ නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී බී ඒකනායක, සජිත් ප්‍රේමදාසට එරෙහිව මුල්‍ය චෝදනාවක් ඉදිරිපත් කරනු ලැබීය.. ඒ පසුගියදා රවී කරුණානායකගේ අනු දැනුම ඇතිව ඔහුගෙන් වැ‍ටුප් ලබන මාධ්‍යකරුවන් කිහිපදෙනෙකු හරහා ප්‍රචාරය කරන ලද මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි 1200 ක මුදල් අවභාවිතාවක් සිදුකොට ඇති බවට වන චෝදනාවය. මෙම චෝදනාව සම්බන්ධයෙන් මීට පෙර සජිත් ප්‍රේමදාස විසින් පිළිතුරු දී තිබූ නමුත් අද දිනයේ එය ටී බී එ්කනායක විසින් මතු කරනු ලැබුවේ රවී කරුණානායක විසින් ඒ සම්බන්ධ තොරතුරු ඇතුලත් ලිපි ගොනුවක් ටී බී ඒකනායක වෙත ලබා දී සහය ඉල්ලා සිටීම නිසා බව පාර්ලිමේන්තුවේ විපක්ෂ පාර්ශවයේ තොරතුරු මාර්ග පවසයි. මෙලෙස මුදල් අවභාවිතාවක් සිදුව තිබේ නම් එහි වගකීම සංස්කෘතික ආරමුදලේ ප්‍රධානින් වෙත එල්ල වන චෝදනාවකි. එහෙත් මෙම අරමුදලේ සභාපතිවරයා වන්නේ අගමැති රනිල් වික්‍රසිංහය. එහෙත් එම කාරණය වසංකර සංස්කෘතික ඇමැතිවරයා වන සජිත් ප්‍රේමදාස වෙත එක එල්ලේම මෙම චෝදනාව බැර කිරීමට රවී කරුණානායක දැඩි උත්සාහයක නිරතව සිටී . අද මේ වෙනුවෙන් ටි බී එ්කනායකගේ සහය ගත්තේ ඔහු රාජපක්ෂ පාලනයේ හිටපු සංස්කෘතික ඇමැතිවරයා වීමත් හේතු කොටගෙනය.

මේ අතර මීට දින කිහිපයකට පෙර එජාපයේ වජිර අබේවර්ධන ඇමැතිවරයා විසින් පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ හමුවී තවත් ලිපි ගොනුවක් බාර දී තිබිණි. ඒ ඇමැති අජිත් පී පෙරේරා සම්බන්ධව ගොතන ලද චෝදනා සහිත ලියවිලි කිහිපයකි. එයත් පොදුජන පෙරමුණ විසින් රනිල් රැකීම වෙනුවෙන් යොදාගනු ඇත.

කෙසේනමුත් එජාප ඉතිහාසයේ තවත් කැතම කැත පරිච්ඡේදයක් ලිවීමට රනිල් වික්‍රමසිංහ රවී වජිර අඛිල ආදී එම පාර්ශ්වයේ පිරිස මේ වන විට දරමින් තිබෙන උත්සාහය අවසන් වනු ඇත්තේ එජාපයට ජනාධිපතිවරණයේ දරුණු පරාජයක් අත් පත් කර දෙමින් එය විනාශ කරලීමෙන් බව නම් දැන් පැහැදිලිය. පක්ෂ නායකත්වයට තිබෙන මල පෙරේතකමට ලංකාවේ දැවැන්තම දේශපාලන පක්ෂයත්, රටත් ජාතියත්, විනාශ කරගැනීම හැර මේ කුමන්ත්‍රණය ජය ගත්තද මෙම රනිල් කල්ලියට ඉතුරු වෙන වෙනත් ප්‍රතිපලයක් නැත. මන්ද අද පක්ෂයේ සාතිශය බහුතරය සජිත් ප්‍රේමදාස කේන්ද්‍රකරගෙන රොද බැඳගෙන සිටියදී ඊට එරෙහිව පක්ෂය විනාශ කරනවා හැර තවත් කළ හැකි කිසිවක් රනිල් පාර්ශ්වයට නැත..

Last modified on Wednesday, 04 September 2019 19:42

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us