ෆොන්සේකාගේ ලේකම්ගේ වරෙන්තුව ආපසු කැඳවයි.

Published in පුවත්
Thursday, 21 August 2014 15:01


හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ලේකම්ව සිටි, කපිතාන් සේනක හරිප්‍රිය ද සිල්වා මහතාව අත්ඩංගුවට ගන්නා ලෙස කොළඹ අධිකරණයෙන් ඊයේ නිකුත්කළ වරෙන්තුව, ඔහු අද  (21) අධිකරණයේ පෙනී සිටීම හේතුවෙන් යලි ආපසු කැඳවීමට මහාධිකරණ  විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය නියෝග කළාය.

යුද හමුදාව හැරගිය සෙබළුන් දස දෙනකුට නවාතැන් පහසුකම් සපයමින් ඔවුන් ශ්‍රි ලංකා රජරජය කෙරෙහි පවතින රාජ පාක්ෂික භාවයෙන් ඉවත් කිරිමට කුමන්ත්‍රණය කිරිම යන චොදනාව යටතේ සරත් පොන්සේකා මහතාට හා හරිප්‍රිය මහතාට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩුව ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේ ෆොන්සේකා මහතා අධිකරණයේ පෙනී සිටියද හරිප්‍රිය මහතා පෙනී නොසිටියේය.

දෙවැනි විත්තිකරු අත්වැරදිමක් හෝ වාහන තදබදයක් හේතුවෙන් අධිකරණයට පැමිණ නොමැති බව ඔහුගේ නිතිඥවරයා පැවසීය.

ඇප මත සිටින සැකකරු පසුගිය නඩුවාරයේදි ඇප‍ කොන්දේසියක් මත අධිකරණ බාරයේ තබා ඇති විදේශ ගමන් බලපත්‍රය ලබා ගෙන ඇති අතර එය නැවත පසුගිය හත්වෙනි දින අධිකරණයට ඉදිරිපත් ‍කර නොමැති බව රජයේ නීතිඥ මාධව තෙන්නකෝන් මහතා පැවසීය.

එම ගමන් බලපත්‍රය පසුගිය 11 දින ලබා දී ඇති බව ඔහුගේ නීතිඥවරයා පැවසීය.

ෆොන්සේකා මහතාගේ නීතිඥ සාලිය පීරිස් මහතාගේ පුද්ගලික හේතුවක් මත නඩුව කල් තබන ලෙස අධිකරණයෙන්කළ ඉල්ලීමක් සලකා බැලු විනිසුරු තුමිය නඩු විභාගය සැප්තැම්බර් 04 දිනට ඊයේ කල් තැබුවාය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us