අනුරාධපුර කෘෂිකර්ම අධ්‍යක්ෂවරයකු වී වංචාවක

Published in පුවත්
Thursday, 21 August 2014 15:43

 වකුගඩු රෝගී පවුල් අතර බෙදාදීම සඳහා කෘෂි රසායන භාවිතා නොකර වගාකල හැකි පාරම්පරික දේශීය වී ප්‍රචලිත  කිරීමේ වැඩසටහන යටතේ රජය විසින් මිලදී ගැනීමට යෝජිතව තිබු බිත්තර වී පෞද්ගලික පොහොර සමාගම් කිහිපයකට විකිනීමට කටයුතු යොදා ඇති බව හෙලිවේ.

 පසුගිය කන්නයේ රජය විසින්  රුපියල් මිලියන තිස්පහක මුදලක් වැයකර මුලික පියවරක් ලෙස අනුරාධපුර දිස්ත්‍රීක්කය තුල අක්කර 2000ක පරිවාරික වී වගා කිරීමට අවශය බිත්තර වී නොමිලේ ලබාදී ඇත.  

එමගින් ලැබෙන අස්වැන්න රජය විසින්ම කිලෝවක් රු 60 බැගින් මිලදි ගෙන මේ කන්නයේ ගොවීන් ලක්ෂයක් අතර බෙදා හැරීමට සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත් දේශීය සහල් වල ඖෂධිය  ගුණය නිසා මේ වන විට රට තුල ඉහල ඉල්ලුමක් ඇතිව ඇති හෙයින් පැරණී වී කිලෝවක් රුපියල් 100කට පෞද්ගලික සමාගම් කිහිපයකට අත යටින් විකිණීමට අනුරාධපුර දිස්ත්‍රීක් කෘෂිකර්ම  අධ්‍යක්ෂවරයකු  කටයුතු යොදමින් ඇත. 

මේ වන විටත් වහවලස්සිය ප්‍රදේශයේ එ ආකාරයට වගාකර තිබු දේශීය වී මෙට්රික් ටොන් 20ක් පමන සී.අයි. සී සමාගම මිලදි ගෙන ඇතැයි  වාර්තාවේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us