ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඵලදරයි  

Published in පුවත්
Friday, 05 April 2024 12:14

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි සමාලෝචනය සම්පූර්ණ වනවිට වාණිජ ණයහිමියන් සමග එකඟතාවකට එළැඹීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරයි


ජාත්‍යන්ර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඵල දැරීම මේ වනවිට ආරම්භ වී ඇති බවයි.

ඩොලර් බිලියන 12ක ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකාව මේ වනවිට බැඳුම්කර හිමියන් සමග සාකච්ඡා කරමින් පවතින අතර එය ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍යම පියවරක් ලෙස සැලකෙනු ඇති.

පසුගිය වසරේ මාර්තු මාසයේදී ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කරනු ලැබීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකා ජූලි කොසැක් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ එය වසර 4ක වැඩසටහනක් බවත් එමෙන්ම දෙවැනි සමාලෝචනයට ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කාර්ය මණ්ඩල මට්ටමින් එකඟතාවයකට එළැඹුණද එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළ යුතු බවය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us