IMF සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුව අදින් ඇරඹේ

Published in පුවත්
Monday, 15 April 2024 08:35

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුව අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී අද(15) ආරම්භ වෙයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ , අත්‍යවශ්‍ය අරමුදල්වල මීළඟ වාරිකය ලබාගැනීමට සහ කඩිනමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීම සම්බන්ධයෙන් එහිදී ඵලදායී සාකච්ජා වල නිරත වීමට අපේක්ෂා කරන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අපගේ අනෙකුත් හවුල්කරුවන් සමඟ පුළුල් ආර්ථික සහයෝගීතාවයෙන් කටයුතු කිරීම රජයේ අරමුණ වෙයි.

ඒ, ගෝලීය ආර්ථික හා දේශපාලනික පරිසරය විසින් ඇතිකරන ආර්ථික අභියෝගවලට සහ රටක් ලෙස ආර්ථික වර්ධනය කරා යන ගමනේදී ඇතිවන ගැටලුවලට මුහුණ දීම සඳහායි.

ඒ යටතේ ආර්ථික ස්ථාවරත්වය, තිරසාර වර්ධනය, ණය තිරසර බව ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේම ආර්ථිකය හා සුබසාධනය වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කරන බව, අමාත්‍යවරයා සඳහන් කළේ ය.

හවුල්කාරිත්වය සහ සාමූහික ප්‍රයත්නයන් තුළින් ශ්‍රී ලංකාවට වඩා දීප්තිමත් ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීමට හැකි බව රජයේ විශ්වාසයයි.

ඒ වෙනුවෙන් අද ඇරඹෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ "වසර මැද සමුළුව” හරහා හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා පවසයි.

-P.M

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us