ඉන්ධන හිගයක් ගැන අනතුරු ඇඟවීමක් ?

Published in පුවත්
Friday, 19 April 2024 12:48

ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව සිකුරාදා උදෑසන ආසියානු වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වා 3%කින් වැඩිවූ අතර රන් මිල ද අවුන්සයක මිල දැක්වුණේ ඩොලර් 2,400ක් ලෙසටයි.

එය වාර්තාගත නව මිල ලෙස සැලකෙන අතර ජපානයේ, හොං කොං සහ දකුණු කොරියාවේ කොටස් වෙළෙඳපොළ ද කඩා වැටී ඇති බව ද වාර්තා වේ

මේ අනුව, මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුද උණුසුම කෙරෙහි කොටස් වෙළෙඳපොළ ආයෝජකයින් දැඩි විමසිල්ලකින් පසුවේන අතර රට තුළ ඉන්ධන හිගයක් හෙට දිනයෙන් පසු ඇති වීමේ අවදානමක් පවතින බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් පවසයි.

එම සංගමයේ සමලේකම් කපිල නාඔටුන්න පැවසුවේ ඉන්ධන පිරවුම්හල්වලට අදාළව පනවා ඇති වැට් බද්ද හේතුවෙන් එම තත්ත්වය ඇති විය හැකි බවයි. එමෙන්ම ඔහු පවසා සිටියේ අදාළ වැට් බදු වාරික හෙට සිට ගෙවීමට සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් ඉතා කුඩා ඉන්ධන පිරවුම් හලක් වුවද වැටි බද්ධ ලෙස ලක්ෂ 10ක අවම මුදලක් ගෙවීමට සිදු වන බව කපිල නාඔටුන්න පැවසුවේය.

මේ අතර, සංස්ථාව විසින් සියයට සියයක් ගෙවීමට තිබියදී 97% සංස්ථාව ගෙවා ඉතිරි 3% ක මුදල ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත පවරා ඇති බව එම සංගමය චෝදනා කර සිටියි.

Last modified on Friday, 19 April 2024 12:51

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us