තානාපති නිලධාරිනියකට අතවර කළ ‍දොස්තර මිය ගිහින්

Published in පුවත්
Monday, 01 September 2014 09:52

ඇමෙරිකන් තානාපති කාර්යාලයේ නිලධාරිනියකට කොල්ලුපිටිය ඩර්ඩන්ස් රෝහලේදී ලිංගික අතවරයක් සිදුකළ බවට චෝදනා ලැබ සිටි සැකකාර විශේෂඥ වෛද්‍යවරයා මියගොස් ඇති බව නීතිඥවරයකු විසින් මරණ සහතිකයක් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේය.

මහරගම පාසල් මාවතේ පදිංචිව සිටි විශේෂඥ වෛද්‍යවරයකු සම්බන්ධයෙන් මෙම මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කෙරිණි.

2011 දෙසැම්බර් 03 දින හෝ ඊට ආසන්න දිනයක පැමිණිලිකාර ශාමිණි දුෂ්මන්ති සින්නයියා නමැත්තිය අතේ ඇතිවූ අමාරුවක් සඳහා ප්‍රතිකාර ගැනීමට ඩර්ඩන්ස් රෝහල වෙත ගොස් ඇත.එම අවස්ථාවේ ඇයව සැකකාර වෛද්‍යවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ඔහු විසින් ඇයට රෝහලේ ලෙඩුන් පරීක්ෂා කරන කාමරයක් තුළදී ලිංගික අතවරයක් සිදුකළ බවට ඇය විසින් කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබිණ.


එම පැමිණිල්ලට අනුව මූලික විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව සැකකරු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇපමත මුදා හැර නඩු පැවරීම සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට උද්ධෘත නීතිපති වෙත යවා තිබිණි.


මෙම පැමිණිල්ල කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ සැකකාර වෛද්‍යවරයා ඉකුත් මාර්තු මස 27වැනි දින හෘදයාබාධයකින් මියගොස් ඇති බවට මරණ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us