ඉන්දීය අගමැති මෝදිගේ සමීපතම පූජකතුමා මහනුවර විශේෂ සංචාරයක

Published in පුවත්
Monday, 22 April 2024 19:59

පසුගියදා ඉන්දියාවේ සිට මෙරට පැමිණි ඉන්දියාවේ අයෝධ්‍යා නගරයේ පිහිටි විශාලතම ශ්‍රී රාම පූජා මන්දිරයේ ප්‍රධාන පූජක ධූරන්දර මෙන්ම ශ්‍රී රාම් ජන්ම භූමි තීර්ත් ක්ෂේත්‍ර භාරයේ ප්‍රධාන භාණ්ඩාගාරික අති උතුම් ගෝවින්ද් දේව්ගිරි මහ රජ් ප්‍රමුඛ ඉන්දීය දූත පිරිස සහ ඉන්දියානු ආයෝජක කණ්ඩායමක් අද දිනයේදී මහනුවර සංචාරයක නිරත විය. ගෝවින්ද් දේව්ගිරි පූජකතුමා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සමීපතම පූජකවරයා ලෙසත් සැලකේ.

මෙම සංචාරය අතරතුර මහනුවර ශ්‍රී දළදා මාලිගාව දියවඩන නිලමෙන් තුමන් සමග විශේෂ සාකච්ඡාවකට ද ඔහු එක් විය. මහනාහිමියන්ව බැහැදුටු මෙම දූත පිරිසපසුව ගොස් මල්වතු මහා විහාරාධිපති මාහිමිපාණන් වහන්සේ සමගද සුහද සාකච්ඡාවක නිරත විය.

එහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ඓතිහාසික සංස්කෘතික පිළිබඳවත් රාජ්‍යතාන්ත්‍රික හා හා අධ්‍යාත්මික බැඳීම පිළිබඳවත් සාකච්ඡා කළ අතර සුරක්ෂිත කර දනිමින් මෙම සුවිශේෂ මිත්‍රත්වය අපගේ වර්තමාන හා අනාගත පරම්පරාව වෙත ගෙන යා හැකි අදහස් හුවමාරු කරගනු ලැබිණි.

ගෝවින්ද් දේව්ගිරි පූජක තුමන් මෙරටට පැමිණ සිටියේ Shree Ramayan Trails ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාව වෙනුවෙනි.

ඇමෙරිකානු ඩොලර් මිලියන 50කට අධික ආයෝජනයක් සමඟින්, ප්‍රබල කලාපීය ආයෝජකයින් සමඟ එක්ව 'සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස්' විසින් මෙම ව්‍යාපෘතිය දියත්කර තිබේ.

WhatsApp Image 2024 04 22 at 19.51.33 ccb4b97e

WhatsApp Image 2024 04 22 at 19.51.33 cfbb3af8

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us