නීතිවිරෝධී තවත් පිරමීඩ ආයතන අටක්

Published in පුවත්
Tuesday, 23 April 2024 09:10

පිරමීඩාකාර ව්‍යාපාරවල නිරත වන බවට හඳුනාගත් තවත් මූල්‍ය ආයතන අටක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (22 වැනිදා) ප්‍රකාශයට පත්කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබුණු පැමිණිලිවලට අනුව 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්නේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඇත.එම විමර්ශන වාර්තා අනුව ආයතන අටක් බැංකු පනතේ 83(ඇ) වගන්තියට පටහැනි ලෙස ක්‍රියා කර ඇති බවට මහ බැංකුව තීරණය කර තිබේ.

එම ආයතන වන්නේ Beecoin App/Sunbrid Foundation, Fast Win (Pvt) Ltd, Fruugo Online App/ Fruugo Online (Pvt) Ltd, Genesis Business School/ Era Miracle (Pvt) Ltd, Isimaga International (Pvt) Ltd, Ledger Block, Qnet/Questnet සහ Ride to Three Freedom (Pvt) Ltd යන ඒවාය.

2023.08.24 දින පුවත්පත් මගින් පළකළ ආයතන 9ට අමතරව මහ බැංකුව විසින් මෙම නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කර තිබිණි. මෙම ආයතනවලට විරුද්ධව බැංකු පනතේ 83(ඇ) වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට සලකා බලනු පිණිස නීතිපති වෙත මහ බැංකුව ඉල්ලීම් යොමු කර ඇත.

1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තියේ විධි විධාන කඩ කරන ආකාරයේ යෝජනා ක්‍රම කෙලින්ම හෝ අන්‍යාකාරයකින් ආරම්භ කිරීම,අර්පනය කිරීම, ප්‍රවර්ධනය, ප්‍රචලිත කිරීම, පැවැත්වීම, මුදල් සැපයීම, කළමනාකරණය කිරීම හෝ විධාන කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව මහ බැංකුව පෙන්වා දෙයි.

-P.M

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us