ආර්ථිකය ගොඩගන්න දේශපාලන දෘෂ්ටිවාදය පසෙකලා සැවොම එක්සත් විය යුතුයි ! රනිල් හැර විකපයක් ඉතිරි වී නැහැ - රවී කියයි Featured

Published in පුවත්
Wednesday, 24 April 2024 09:05

රට පත්ව ඇති බරපතළ ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා පටු දේශපාලන දෘෂ්ටි වාදය පසෙකලා සැවොම එක්සත් විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ තොට ළඟ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

කොළඹ දිස්ත්‍රික්කයේ ත්‍රී රෝද රථ රියදුරන් මුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ඉදිරි සුභසාධන කටයුතු නගා සිටුවීම සඳහා සියලු ත්‍රීරෝද රථ සංගම් නියෝජනය කරමින් "එක්සත් මගී ප්‍රවාහන සේවා වෘත්තිකයන්ගේ සංගමය" නමින් නව සංගමයක් මෙහිදී ආරම්භ කරනු ලැබුවා. මෙහිදී මූලික අදියර යටතේ නිලධාරීන් මණ්ඩලය පත් කරගත් අතර ඉදිරියේදී පුළුල්ව මෙම සංවිධානය රට පුරා දීප ව්‍යාප්ත කිරීමටද යෝජනා කෙරුණා. එක්සත් ජාතික පක්ෂය මූලික කරගත් ප්‍රථම ත්‍රිවිල් රථ සංගමය මෙය ලෙසයි හැඳින්වෙන්නේ.
මෙහිදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරි දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳව මෙලෙස අදහස් පළ කළා.

මේ සියලු අභියෝග ජය ගැනීම සඳහා මුළු රටම එක මිටට එකාසේ එකට ඒකරාශී විය යුතු අතර රනිල් වික්‍රමසිංහ මහතාට ඊට නායකත්වය දිය හැකි යැයි ද, ඔහු හැර කිසිම විකල්පයක් රටට-ජනතාවට ඉතිරිව නැතැයි ද රවී කරුණානායක මහතා පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දක්වන කොළඹ දිස්ත්‍රික් නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේ ද අවධාරණය කර සිටියි. 
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගනිමින්, ඒ වෙනුවෙන් ප්‍රමුඛ අවධානයක් ලබා දෙමින් සහ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරමින් කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩගනිමින් සිටිනවා. 

"System Change" ගැන කතා කරන උදවිය, ජනාධිපතිවරයාගේ මෙම සාධනීය දේශපාලන-ආර්ථික සහ සමාජ වැඩ පිළිවෙළ හමුවේ භීතියට පත්ව මේ ගමන යළි හැරවීම සඳහා විවිධ පටු දේශපාලන සටන් පාඨ කියමින් දේශද්‍රෝහී සහ ජාතිද්‍රෝහී ලාභ උත්සාහයක යෙදී සිටිනවා.
ආර්ථික, දේශපාලන සහ සමාජ ප්‍රතිසංස්කරණ සිදු නොකර "System Change" කරන්නේ කෙසේ ද කියා එක්සත් ජාතික පක්ෂය ලෙස අප මේ අවස්ථාවාදීන්ගෙන් සහ බල ලෝභී අන්තවාදීන්ගෙන් ප්‍රශ්න කර සිටිනවා. ප්‍රතිසංසකරණවලින් තොරව "System Change" සිදු නොවන බව කුඩා දරුවෙකු පවා දන්නවා. 
මගේ අදහස නම් රට පත්ව ඇති බරපතළ ආර්ථික අර්බුදයට පිළියම් කිරීම වෙනුවෙන් පටු දේශපාලන දෘෂ්ටි වාදය පසෙකලා සැවොම එක්සත් විය යුතුයි. ඒ මන්ද මේ සුවිසල් අභියෝගය, වගකීම සහ කාර්යභාරය ජනාධිපතිවරයාට පමණක් තනිවම ජය ගත නොහැකියි. ඒ සඳහා මුළු රටම එක මිටට එකාසේ එකට ඒකරාශී විය යුතු අතර රනිල් වික්‍රමසිංහ මහතාට ඊට නායකත්වය දිය හැකියි.
එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය ලැබූ අවස්ථාවලදී ආර්ථික ප්‍රතිපත්තිය ගෝලීය ප්‍රවණතාවන්ට ගැළපෙන ආකාරයට යාවත්කාලීන කිරීමට උත්සාහ කළා. ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගත්තා.

නමුත් ඒ සඳහා පැමිණි බාධා අති විශාලයි. විවිධ අවලාද නැගුවා. අපට පෞද්ගලිකව පවා සාවද්‍ය චෝදනා එල්ල කළා. ඒ චෝදනා අපේ දේශපාලන කටයුතුවලට ඉතාම නරක ලෙස බලපෑවා. නමුත් අප අපේ ප්‍රතිපත්ති වෙනස් කළේ නෑ. ඒ රට-ජනතාව වෙනුවෙනුයි."

-P.M

Last modified on Wednesday, 24 April 2024 09:06

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us