ලෝක කම්කරු දිනය අදයි

Published in පුවත්
Wednesday, 01 May 2024 08:16

138 වැනි ලෝක කම්කරු දිනය අදට (01) යෙදී තිබේ.

1886 මැයි මස 01 වැනි දා කම්කරුවන් පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වුණේ තම වැඩමුරය පැය 8කට සීමා කරන්නැයි ඉල්ලමිනි.

වැඩ වරා, සටන් පාඨ කියමින් එදින එම උද්ඝෝෂණයට එක් වූ පිරිස 1000කට අධික වූ අතර තුන්වැනි දිනයේ ඊට එක්ව සිටි කම්කරුවන් පිරිස 65000 ඉක්මවිය.

1886 මැයි මස 3 වැනි දා වැඩ වර්ජනයේ තීරණාත්මක දිනයකි.

හාම්පුතුන්ගේ මෙහෙයවීමෙන් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් පිරිසක් කම්කරුවන්ට ප්‍රහාරයක් එල්ල කළ අතර සිව්දෙනෙකු මියගියහ.

දින 4ක් පුරා පැවැති මේ වැඩ වර්ජනයට ලක්ෂ එක හමාරකට වැඩි පිරිසක් එක්වන්නට පටන් ගත් අතර පෙර දින පහරදීමට එරෙහිව මැයි මස 04 වැනි දා කම්කරුවන් පිරිසක් චිකාගෝ නුවර හේමාර්කට් චතුරශ්‍රයට එක් රැස් විය.

පොලීසිය හා කම්කරුවන් වචන හුවමාරුවක පැටලුණු අවස්ථාවේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු ද මියගියේ ය.

ගැටුම තවත් වර්ධනය වූයේ, පොලිස් නිලධාරීන් 6 දෙනෙකුට ජීවිත අහිමි කරමිනි.

මෙම ගැටුමේදී මිය ගිය කම්කරුවන් සංඛ්‍යාව කොපමණදැයි අදටත් නිශ්චිත නැත.

සටනට පණ දුන් කම්කරු නායකයින් වූ - ඔගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්සන්ස්, ඇඩොල්ෆ් ෆීෂර්, ජෝර්ජ් එන්ගල්, සැමුවෙල් ෆීල්ඩන්, ලුවී ලින්ග්, මයිකල් ෂ්වොබ්, ඔස්කා නිබේ අත්අඩංගුවට ගැනුණු අතර පසුව නඩු පැවරුණි.

ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් නියම වූ අතර සැමුවෙල් ෆීල්ඩන්ට සහ මයිකල් ෂ්වොබ්ට නියම වුණේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ය.

සෙසු 5දෙනා එල්ලා මැරීමට නියම කෙරුණි.

සේවා අයිතීන් වෙනුවෙන් අරගල කරමින් රතු ලේ වැගිරු එම කම්කරු සගයින් සදාතනිකව සිහි කළ යුතු බවට ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේ 1889 වසරේදීයි.

ඒ අනුව සෑම වසරකම මැයි මස පළමු වැනි දා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණි.

කම්කරු පක්ෂ නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාව පළමු වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේදීයි.

-P.M

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us