අයවැය ඡන්ද අල්ලසක් - විපක්ෂය

Published in පුවත්
Saturday, 25 October 2014 08:58

2015 වසර සදහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඊයේ (24)  ඉදිරිපත් කළ අයවැය ඉදිරි ජනාධිපතිවරණයේ දී ඡන්දය ලබාගැනීමට ජනතාවට ලබා දුන් ඡන්ද අල්ලසක් බව විපක්ෂය චෝදනා කරයි.

අයවැය මැතිවරණයක් ඉලක්ක කර ගත් එකක් බවට රජයේ ඇතැම් අමාත්‍යවරුන් පිළිගත් අතර ඔවුන් පැවසුවේ එමගින් ජනතාවට සහන රැසක් ලැබී ඇති බවයි.

ජනතා සහන

අයවැය මගින් ලබාදී ඇති ජනතා සහන හා පොරොන්දු අයවැය වාර්තාවේ වියදම් ලෙස නිසි ආකාරයෙන් සටහන් නොවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ඒවා ජනතාව රැවටීමට ලබා දුන් බොරු පොරොන්දු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පැවසුවේය.

ජනතාවගෙන් කෝටි 20,000 ක මුදලක් බදු ලෙස ලබා ගන්නා බව අයවැය වාර්තාවේ සඳහන් බව පවසන එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා එය ලබාගන්නා ආකාරය ගැන කිසිදු සඳහනක් අයවැය වාර්තාවේ නැති බව පැවසුවේ ය.

ජනතාවට ලබා දෙන බව පවසන සහන සඳහා මුදල් වෙන් කිරීමක් සිදුකර නොමැති බව පැවසූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හර්ෂ දී සිල්වා මහතා මෙම අයවැය මහින්ද රාජපක්ෂ රජයේ තවත් එක් ප්‍රෝඩාකාරී අයවැයක් ලෙස  හඳුන්වා දුන්නේය.


ඊයේ  සිකුරාදා ඉදිරිපත් කළ අයවැය, මැතිවරණ ලියවිල්ලක් ලෙස  ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විග්‍රහ කළේය. 

මෙම අයවැය මැතිවරණ අල්ලසක් බවට විපක්ෂය නගන චෝදනාව පිළිබඳ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගෙන් විමසුවිට ඔහු පැවසූවේ තම ආණ්ඩුව මැතිවරණ පවත්වන්නේ ජයග්‍රහණය කිරීමට බවයි.

ආමාත්‍ය විමල් වීරවංස මහතා පැවසුවේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුවද ක්‍රියාත්මක වන්නේ මෙම යෝජනා බවයි.

ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිරිපත් කොට ඇති අයවැය වාර්තාවලින් වැඩිම ජනතා සහන ලබාදුන් අයවැය මෙය බව පැවසූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එය මැතිවරණයක් ඉලක්ක කර ගත් එකක් බව පිළිගත්තේය.


(සංදේශය)

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us