අපිට මහින්ද හොඳයි -ශී‍්‍ර.ල.නි.ප

Published in පුවත්
Thursday, 20 November 2014 11:03

ඉදිරි ජනාධිපතිවරණයදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ අපේක්‌ෂකයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඉදිරිපත් කිරීමට ඊයේ (19 ) රාත්‍රියේ රැස්‌වූ එම පක්‌ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

ඊට අදාල අදාළ යෝජනාව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කර ඇති අතර ඊට සියලු සාමාජිකයන්ගේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් සැදුම්ලත් ජාතික මැතිවරණ මෙහෙයුම් කමිටුවක්‌ පත් කර ඇත.

එම කමිටුවේ සභාපතිත්වය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා දරනු ලබන අතර කමිටුවේ කැඳවුම්කරු ලෙස පක්‌ෂයේ ලේකම් ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාද කමිටුවේ බලය අගමැති දී. මු. ජයරත්න මහතා වෙත පවරා දී ඇත.

පක්‌ෂයේ තීරණය මැතිවරණ කොමසාරිස්‌වරයාට දැනුම්දීමෙන් පසු ජනාධිපතිවරණය කැඳවීමේ නිවේදනය අද (20) ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us