මෛත්‍රීට සහාය පලකළ මිල්ටන්ට වෙඩි!

Published in පුවත්
Sunday, 23 November 2014 10:16

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රබල එජාප ක්‍රියාකාරිකෙයකු වන මිල්ටන් මහතා ගේ මාදම්පේ පිහිටි නිවසට ඊයේ රාත්‍රී 12.20 ට පමණ අවස්ථා දෙකක දී වෙඩි ප්‍රහාර එල්ල කොට ඇත.

දෙවැනි වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ මිල්ටන් මහතා ගේ නිවසට සැතපුම් 4 කට පමණ දුරින් පිහිටි සුදේශ් ප්‍රියංකර මහතා ගේ නිවසටය. ප්‍රහාරයන් දෙකන්ම කිසිදු අයෙකුට තුවාල සිදුවී නෙමැති අතර දේපල අලාභ ද සිදුවී නැත.

මිල්ටන් මහතා එක්සත් ජාතික පක්ෂෙය් ප්‍රබල ක්‍රියාකාරිකෙයකි. මාදම්පේ එජාප සංවිධාන කටයුතු සදහා ක්‍රියාකාරීව දායක වන ඔහු හිටපු අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂෙය් පොදු අ‍පේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත්වීමෙන් පසුව එයට සතුට ප්‍රකාශ කරමින් රතිඤ්ඤා දල්වමින් ප්‍රීතිය පළ කළ කණ්ඩායමේ නායකයා ය. දෙවන වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති නිවසේ පදිංචිව සිටින සුදේශ් ප්‍රියංකර මහතා ද සිරිසේන මහතා ට ජය පතා සතුට ප්‍රකාශ කළ අයෙකි.

මෝටර් සයිකල් වලින් පැමිණි පිරිසක් තම නිවසට වෙඩි තැබූ බවත් ශබ්දය ඇසී තමන් එළියට පැමිණෙන විට මේ පිරිස පළා ගිය බවත් ඒයට විනාඩි දහයකට පමණ පසු නැවත වරක් මෝටර් බයිසිකලයකින් පැමිණ තම වත්ත දෙසට වෙඩි තැබූ බවත් මිල්ටන් මහතා කැෆේ සංවිධානය වෙත ප්‍රකාශ කෙළ්ය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසුව වාර්තා වූ දෙවන සහ තෙවන වෙඩි තැබීමේ සිදුවීම මෙයයි.

පොදු අපේක්ෂකයා ප්‍රකාශයට පත්වීමෙන් පසු සිදුවී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව 4 ක් වන අතර මේ වන විට එම ප්‍රචණ්ඩ ක්‍රියා වලදී තුවාල ලැබු පුද්ගලයින් තිදෙනෙක් කොළඹ සහ කුරුණෑගල රෝහල්වලට ඇතුළත් කර සිටිති. ඉන් අයෙකුගේ තත්වය බරපතල බව වාර්තා වෙයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us