ජනාධිපතිවරණය ව්‍යවස්ථා විරෝධීයි-තීරණය ගැනීමේ වගකීම ජනතාව සතුයි

Published in පුවත්
Monday, 24 November 2014 15:11

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල් කිරීමේ අරමුණින් ඉදිරි ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ කි‍්‍රයාකාරිව මැදිහත් වන බව එහි නායක අනුර කුමාර දිසානායක ප‍්‍රකාශ කළේය. කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු තවදුරටත් කියා සිටියේ ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය තමන් පිළිනොගන්නා බවය.

මෙතෙක් තිබුණු සම්ප‍්‍රදායන් නීති ඇතුළු බොහෝ දේ පසෙකලා තමන්ගේ අණසකට යටත්කරන ලද අධිකරණ පද්ධතියක් රාජපක්‍ෂ මහතා විසින් ගොඩනඟා ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද(24) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

දැන් ජනාධිපතිවරණයක් කැඳවා තිබෙනවා. මේ ජනාධිපතිවරණය ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී එකක් විදියටයි අපි සලකන්නේ. ව්‍යවස්ථාව අනුව රාජපක්‍ෂ මහතාට යළි කිසිදු දිනෙක ජනාධිපතිවරණයකට තරඟ කරන්න බැහැ. ඒ වගේම ඔහුගේ දෙවන ධුර කාලයට වසර 4ක් පිරුණු පසුව ජනාධිපතිවරණයක් කැඳවිය නොහැකි බවත් ව්‍යවස්ථානුකූලව පැහැදිලියි. නමුත් මහින්ද රාජපක්‍ෂ උපක‍්‍රමශීලීව, ඉතාම සටකපට ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතයක් ලබාගෙන තිබෙනවා. ඒ මතය කිසිසේත්ම අපි පිළිගන්නේ නැහැ.


කව්රු ජනාධිපති වුවත් ඉක්මන් මැතිවරණයක් ඒමේ ඉඩකඩ තිබෙනවා. එහිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා කි‍්‍රයාකරන බලවේගයන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න අවශ්‍යයයි. ජනාධිපතිවරණය සඳහා අපේ කි‍්‍රයාකාරිත්වය පාර්ලිමේන්තු මැතිවරණයත් ඉලක්ක කරගත් අඛණ්ඩ ක‍්‍රියාකාරිත්වයක්. මෙය හුදු ජනාධිපතිවරණයක් ලෙස නොසළකා ඡන්දපොළේදී කතිරය ගසා අවසන් කරන දෙයක් වෙනුවට පුළුල් ජනතා කි‍්‍රයාකාරිත්වයක් සඳහා ශක්තිමත් පෙරමුණක් ගොඩනගනවා. දෙවනුව පුළුල් සමාජ ආර්ථික පරිවර්තනයක් සඳහා යන පියවරකට ඔසවා තැබීමට ජනතා විමුක්ති පෙරමුණ සැළසුම් සකස්කර අවසන්. එය කි‍්‍රයාත්මක කිරීම ඉදිරි දින කිිහිපය තුළ සිදුකරනවා. ඒකාධිපති ගමනක් කරා යන මේ පාලනය පළවා හැර ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ඉඩකඩ පුළුල්කර ගැනීමට උපරිම කි‍්‍රයාමාර්ග මේ ජනාධිපතිවරණයේදී අපි ගන්නවා.

ඔහු වැඩිදරටත් සදහන් කළේ පොදු අපේක්ෂකයාට හෝ වෙනත් අපේක්ෂකයෙකුට සහය පළ කරන්නේ ද යන්න පිළිබදව තීරණය ගැනීමේ වගකීම ජනතාව සතු වන බවයි.

q

{soundcloud}https://soundcloud.com/lankadaily/jvp-press-20141124{/soundcloud}

 

 

Last modified on Monday, 24 November 2014 15:42

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us