සාමකාමී මැතිවරණයක් පවත්වා රටේ ගෞරවය රකින්න - මහ නාහිමිවරුන්ගෙන් ආයාචනයක්

Published in පුවත්
Saturday, 27 December 2014 08:33

පූර්ව හා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවලින් වැළකී සාධාරණ හා සාමකාමී මැතිවරණයක්‌ පවත්වා රටේ ගෞරවය රැක ගැනීමට කැප වෙන්නැයි ත්‍රෛනිකායික මහා නාහිමිවරු රජයෙන් සහ විපක්‍ෂයෙන් ඉල්ලා සිටිති.

සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්‌ත, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්‌සර හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි යන මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව මේ සම්බන්ධව නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.


"සබෙබ් තසන්ති දණ්‌ඩසස

සබෙබසං ජීවිතං පියං

අත්තානං උපමං කත්වා

නහනෙය න ඝාතයෙ"

සියලු සත්වයෝ ඉහත ධම්මපද ගාථා පාඨයේ දැක්‌වෙන අයුරු 'දණ්‌ඩට හා දඬුවමට තැති ගත්හ. හැම දෙනා ජීවිතයට ප්‍රිය කළහ. විශේෂයෙන් බුදු දහමෙන් පෝෂිත වූ ශිෂ්ටාචාරයක්‌ ඇති ශ්‍රී ලංකාද්වීපවාසීහු තමා දඬුවමට බිය වන බවත්, තමාට ජීවිතය ප්‍රිය වන බවත්, ධර්මානුගතව සලකා අනුන්ට හිංසා නොකළහ. අනුන් නො නැසූහ. ධර්මය, අධර්මය මැනවින් හඳුනාගෙන අතික්‍රාන්ත මානුෂික ගුණයන්ගෙන් විභූෂිතව, ධර්මකාමී, නිහතමානී, සාමකාමී පුද්ගලයන් වශයෙන් සහජීවනයෙන්, සමානාත්මතාවයෙන් අවිහිංසාවෙන් ජීවත් වූයෙන් මේ උතුම් දිවයින අතීතයේ දී ධර්මද්වීපයක්‌ වශයෙන් සමස්‌ත ලෝකවාසීන්ගේ මහත් සම්භාවනාවට පාත්‍ර විය.

මෙම උතුම් දහම් දිවයිනේ අතීත පාලකභාරකාරකාදීන් පූර්වාදර්ශය කොට ගත්තේ, අපගේ ශාස්‌තෘවරයාණන් වහන්සේ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ, සාමය තහවුරු කිරීම උදෙසා තෝරාගත් දීඝ නිකායේ මහාපරිනිබ්බාන සුත්‍රයේ අජාසත් රජු වඡ්ජී දේශය ආක්‍රමණය කිරීමට ගත් උත්සාහයේ දී වඡ්ජීන් සප්තඅපරිහාණි ධර්ම රකින තුරු, ඔවුන් පැරදවිය නොහැකි බව පෙන්වා වදාළ ධර්ම මාර්ගයත්,

ජාතකට්‌ඨ කතාවේ කුණාල ජාතික කතාවෙන් හෙළිවන ශාක්‍ය, කෝලිය දෙපාර්ශ්වය රෝහිණී නදියේ ජලය බෙදා ගැනීම පිණිස ඇතිකර ගත් අර්බුදය සමනය කිරීමේදී වඩා වටිනාකමක්‌ ඇත්තේ මිනිස්‌ ජීවිත ඝාතනයෙන් වැළකීම හා හිංසාවෙන් වැළකීම බව පෙන්වා වදාළ ධර්ම මාර්ගයත් පදනම් කොට ගත් බෞද්ධ ප්‍රජාතන්ත්‍රවාදී පාලන පදනමයි. ජීවිත හා චරිත ඝාතනයෙන් වැළකීම, දේපළ විනාශ නොකිරීම, මිනිසුන් රවටන අසත්‍ය ප්‍රකාශ නොකිරීම, අන් සියලු බලයන්ටම වඩා ප්‍රඥා බලය උතුම් කොට සැලකීම, බලය රැඳී ඇත්තේ ජනතාවගේ කැමැත්ත හා ධර්මයේ පදනම මත බව වටහා ගෙන කටයුතු කිරීම යනාදී කරුණු කාරණා බෞද්ධ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිsක ලක්‍ෂණයන් ය.

එහෙත් නූතන ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ මූලික ලක්‍ෂණය කොට ගෙන ඇත්තේ පක්‍ෂ, විපක්‍ෂ වශයෙන් භේදබින්නව, එකිනෙකාට වෛරීව, අනෙකා යටපත් කොට ඡන්ද, ද්වේශ, භය, මෝහය යන සතර අගතියෙන් යුක්‌තව ක්‍රියා කිරීමයි. එමගින් වැඩි දෙනාගේ මතය මෙන්ම ස්‌වල්ප දෙනාගේ ද මතය ප්‍රකාශ වීමට ඉඩ දීමේ බෞද්ධ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්‍ෂණය යටපත් කෙරෙන බවත් දක්‌නා ලැබේ. රටේ අනාගත ඉරණම විසඳනු වස්‌ ජාතික මැතිවරණයක්‌ ප්‍රකාශයට පමුණුවා ඇති මේ දිනවල දිවයින පුරා පැතිර යමින් පවතින බවට දැන ගන්නට ලැබෙන මැතිවරණ පූර්ව ප්‍රචණ්‌ඩ ක්‍රියා හා මැතිවරණයෙන් පසු උදාවිය හැකි පශ්චාත් මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා තුළින් ඇතිවන විනාශයේ ප්‍රතිඵල අත්විඳීමට සිදුවන්නේ ඊට සම්බන්ධ පුද්ගලයන්ට පමණක්‌ නොව, සිය දහස්‌ ගණන් අහිංසක සාමාන්‍ය ජනතාවට ද එම අනර්ථකාරී විනාශයන්ට මුහුණදීමට සිදුවන බව මනාව වටහා ගත යුතුය. ධන බලය, ආයුධ බලය, බාහු බලය, පිරිස්‌ බලය යොදා ජීවිත, දේපළ විනාශ කරමින්, රටේ කීර්තිනාමයට හා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට අභියෝග එල්ල කරමින් සිදුකරන ප්‍රචණ්‌ඩ ක්‍රියාවන් පක්‍ෂ, විපක්‍ෂ කවුරුන් විසින් සිදු කළත් ඒවා තමන්ටත් අනුන්ටත් රටටත් හානිදායක වනු නො අනුමානය.

විනාශකාරී අන් කවර බලයකටත් වඩා බුදු දහමට අනුව වඩාත් වැදගත් වන්නේ ප්‍රඥා බලයයි. එය බැබළෙන්නේ ගුණ බලය තුළිනි. එසේ නොමැතිව ගම් දනව්වල සහජීවනය, සමගිය, සමාදානය බිඳ හෙළා, ගහබැණ ගනිමින්, ඔවුනොවුන්ට නින්දා අපහාස සිදුÊකරමින් ජීවිත, දේපළ විනාශ කරමින්, කළකෝලාහල කරමින්, ප්‍රචණ්‌ඩකාරීව හැසිරීමෙන්, අහිංසක සාමාන්‍ය ජනතාවට අත්කොට දෙන්නේ අපමණ පීඩාවක්‌, විපතක්‌ මිස අන් කිසිවක්‌ නොවේ. එපමණක්‌ නොව ඉන් රටට අත්වන්නේ මහත් අපකීර්තියකි. ප්‍රජාතන්ත්‍රවාදය මැනවින් ක්‍රියාත්මක වූ රටක්‌ වශයෙන් අප රට අතීතයේදී ලබා තිබූ ගෞරවය හා සම්භාවනාවට හානි පැමිණවීමකි.

එබැවින් මෙම මැතිවරණ කාලය තුළ සතර අගතියෙන් තොරව, ධර්මය හා අධර්මය මනාව වටහා ගෙන, ධර්මානුකූල මතය ජයග්‍රහණය කිරීමට සුදුසු වාතාවරණය සැලසීම වඩා යහපත් බව පක්‍ෂ, විපක්‍ෂ දෙපක්‍ෂයේම නායකකාරකාදීන් තමන් සතු බලවත් වගකීමක්‌ බව අවබෝද කර ගත යුතුවාක්‌ මෙන්ම ජය පරාජය උපේක්‍ෂා සහගත ලෙස භාර ගැනීමට සූදානම් වීම වඩාත් උචිතය. මැතිවරණයට පූර්ව සමයේදීත්, පශ්චාත් මැතිවරණ සමයේදීත් පක්‍ෂ විපක්‍ෂ දෙපාර්ශ්වයම රට, ජාතිය, දහම ගැන සිතා උපේක්‍ෂා සහගත සිතින් කටයුතු කිරීමට අදිටන් කර ගත යුතුව ඇත. ජය පරාජය නිහතමානීව පිළිගැනීමටත්, පරාජිතයා තලා පෙළා හිංසාවට පත් කිරීමෙන් වැළකී සිටීමටත්, මැදහත්ව එක්‌ව කටයුතු කොට, රටේ සමෘද්ධිය හා සෞභාග්‍යය ළඟාකර ගැනීමටත්, දේශයේ ගෞරවය හා ආරක්‍ෂාව සුරක්‍ෂිත කර ගැනීමටත්, සමගිය, සමාදානය හා සහජීවනය වඩා වර්ධනය කර ගැනීමටත් පක්‍ෂ විපක්‍ෂ සියලු දෙනා එක්‌ව දැහැමිව කටයුතු කළ යුතු බව කරුණාධ්‍යාශයෙන් දන්වා සිටුම්හ.

Last modified on Saturday, 27 December 2014 08:39

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us