පාප්තුමා අද සිරිලකට වඩී

Published in පුවත්
Tuesday, 13 January 2015 08:15

ලොව පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත කතෝලික බැතිමතුන්ගේ අසහාය ආගමික නායකයා වන අතිඋතුම් ෆ්‍රන්සිස්‌ පාප් වහන්සේ අද (13 දා) පෙරවරු 9.00 ට ශ්‍රී ලංකාවට සැපත් වෙයි.

කටුනායක ගුවන්තොටුපළේදී උන්වහන්සේ රාජ්‍ය ගෞරව සහිතව පිළිගනු ඇත. අනතුරුව කටුනායක සිට විවෘත රියකින් උන්වහන්සේ කොළඹට සැපත් වෙති.

අද (13 දා) සවස 4.00 ට උන්වහන්සේ මඩු මාතා දේවස්‌ථානයේදී විශේෂ දේවමෙහෙයක්‌ පවත්වනු ඇත.

මෙම දේව මෙහෙයට ලකෂ දෙකක පමණ බැතිමතුන් පිරිසක්‌ සහභාගිවීමට නියමිතය.

අනතුරුව පාප්වහන්සේ ජනවාරි 14 දා (හෙට) පෙරවරු 9.00 ට ගාලුමුවදොර පිටියේදී විශේෂ දේවමෙහෙයක්‌ පවත්වනු ඇත.

මෙම දේව මෙහෙයේදී ශුද්ධ වූ ජුසේවාස්‌ මුනිවරයාද ශුද්ධත්වයට පත්වනු ඇත. මෙම අවස්‌ථාවට ඉන්දියාවේ සිට 1200 ක බැතිමත්හු පිරිසක්‌ද සහභාගි වෙති.

පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් විශේෂ මුද්දර දෙකක්‌ සහ රුපියල් 500 සමරු කාසියක්‌ නිකුත් කිරීමට ද කටයුතු යොදා ඇත.

එම සමරු මුද්දර 13 වැනිදා අරලියගහ මැදුරේදී පාප් වහන්සේට පිරිනැමේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන තෙවැනි පාප්වහන්සේ ප්‍රැන්සිස්‌ පාප් වහන්සේයි.

උන්වහන්සේ කටුනායක සිට කොළඹට පැමිණෙන මග දෙපස පොලිසිය හා විශේෂ කාර්ය බලකාය අවි රහිතව යොදවා ඇත.

මේ අතර පාප්වහන්සේගේ දේවමෙහෙයට සහභාගිවීම සඳහා 13 දා සවස 5.00 සිට කොළඹ ගාලුමුවදොර පිටියට පැමිණිය හැක.

Last modified on Tuesday, 13 January 2015 08:18

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us