ටෙලිකොම් ලලිත් රාජපක්ෂ හිතවතුන් පෝෂණය කළ හැටි

Published in පුවත්
Wednesday, 14 January 2015 13:22

ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක ලලිත් ද සිල්වා මහතා මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායකයා ලෙස කටයුතු කළ අවධියේදී රාජපක්ෂ හිතෛශීන් බොහෝ දෙනෙකුට එම ආයතයේ නීති රීති උල්ලංගනය කරමින් ‍රැකියා ලබා දි තිබෙන බව හෙළිවේ.

එමෙන්ම මෙම ‍රැකියා ලබා දී ඇත්තේ ද එතෙක් එම ආයතනයේ නොතිබුණු තනතුරු නිර්මාණය කරමින්ය.

මෙහිදී ළමාරක්ෂක අධිකාරියේ සභාපති අනෝමා දිසානායකගේ පුතුන් දෙදෙනාගෙන් එක් අයකු වන ඉසුරු දිසානායකට මොබිටෙල් ආයතයේ ‍රැකියවක ලබා දුන්නේ සාමාන්‍යාධිකරී (ව්‍යාපෘති) යනුවෙන් නව තනතුරක් ඇති කරමින්ය.

ඉසුරු දිසානායකහේ අනෙක් සහොදරයා වන ආසිරී දිසානායක නිල් බලකායේ ප්‍රධානියකු වන අතර අනුරාධපුර දිස්ත්‍රීකයේ මැර ක්‍රියා වැඩි වශයෙන් මෙහෙය වූයේ ඔහු විසින්ය. අනෝමා දිසානායක පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂවරු වෙනුවෙන් පෙනීසිටිමින් පසුගිය වසරවල මෙරටේ දිනකට ළමා අපචාර 5 පමන සිදුවෙන බවට වන තොරතුරු ප්‍රතික්ෂේප කිරීමටද ඇය කටයුතු කළේය.

එමෙන්ම හිටපු අමාත්‍යංශ ලේකම් ආචාර්ය විලී ගමගේ මහතාගේ පුත් නලීන් ගමගේට මොබිටෙල් ආයතනයේ ‍රැකියාවක් ලබා දෙන්නේ ප්‍රධාන ව්‍යාපෘති කළමණාකරු ලෙස නව තනතුරක් සකස් කරමිනි.

මොබිටෙල් ආයතන තුල ආදර සම්බන්ධතා පවුල් සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් ඇති තහනම ඉවත්කර එම ආයතනයේම තරුණියක සමඟ දකුණු අප්‍රිකාවේ සංචාරයක් සඳහා යෑමට නලීන් ගමගේ මහතාට අනුමැතිය හා අනුග්‍රහය ද ලලිත් ද සිල්වා විසින් ලබා දි තිබුණේ මීට මාස දෙකකට පමණ පෙරදීය.

එමෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ ගාමිණී සෙනරත්ගේ ඥාත් සහෝදරයෙක් වන ශෂික සෙනරත්ව මොබිටෙල් ආයතන්යේ අලෙවි ජේෂ්ඨ කලමනාකරු ලෙසද පත්වීමක් ලබා දෙනු ලැබුවේය. මෙලෙස රුපියල් ලක්ෂ ගනනින් වන වැටුප් තල හා විශේෂ පහසුකම් සහිතව පුද්ගලයන් ගනනාවකට ‍රැකියා ලබාදීම ලලිත් ද සිල්වා විසින් සිදු කර ඇත.

එමෙන්ම පසුගියදා ටෙලිකොම් ආයතනය සිය පාරිභෝගිකයන් වෙනුවෙන් බෙදා හැරීමට එම ආයතනය මඟින් මුද්‍රණය කර තිබූ 2015 කැලැන්ඩරය මුළුමනින්ම මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුත්තක් වෙනුවෙන් සකසා තිබීම නිසා ඒ තවදුරටත් බෙදා හැරීමද පසුගියදා අත් හි‍ටුවනු ලැබීය.

සබැදි පුවත්
ටෙලිකොම් ලලිත්, හදිස්සියේ මෛත්‍රීවාදියෙක් වෙලා !

Last modified on Wednesday, 14 January 2015 14:02

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us