ටෙලිකොම් ලලිත්ට එරෙහිව CID පරීක්ෂණයක්

Published in පුවත්
Friday, 30 January 2015 11:12

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සමුහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන ලලිත් ද සිල්වා මහතා පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සක්‍රිය කටයුතු කළ අතර, ඒ සඳහා ටෙලිකොම් ආයතනයේ සම්පත් ද විශාල වශයෙන් යොදාගෙන තිබු බව වාර්තා විය.

ඔහු විසින් එම මැතිවරණය සඳහා ටෙලිකොම් ආයතනයේ සම්පත් යොදා ගැනීම සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන ලෙස විෂය භාර අමාත්‍ය මංගල සමරවීර මහතා නව සභාපති කුමාරසිංහ සිරිසේන මහතා ට උපදෙස් දී ඇති අතර ම, ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමට ද තීරණය කර ඇතැයි වාර්තාවේ.


ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සමුහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට සමාගම් කළමනාකරුවකු වන දිලීප විජේසුන්දර මහතා පත් කිරීමට රජය තීරණය කර ඇත.

delipa-slt

ටෙලිකොම් සමගම ප්‍රධාන කොටස්කරුවා (49.5%) වන්නේ ශ්‍රී ලංකා රජයයි. අනෙක් හවුල් කොටස්කරුවා වන්නේ මැලේෂියාවේ මැක්සිස් ( Global Telecommunication Holdings N.V. of Netherlands - 44.98% ) සමාගමයි.

දිලීප විජේසුන්ද මහතා මිට ඉහතදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙසද කටයුතු කළේය.

ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී සිසුවෙකි.

 

Last modified on Friday, 30 January 2015 11:13

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us