නෙළුම් පොකුණ මාවත යළි 'ආනන්ද කුමාරස්වාමි' නමට පිදේ

Published in පුවත්
Sunday, 08 February 2015 22:00

කොළඹ 07, නෙළුම් පොකුණ රඟහල අසල ඇති 'නෙළුම් පොකුණ මාවත' යළි 'ආනන්ද කුමාරස්වාමි' මාවත ලෙස නම් කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.

ආනන්ද කුමාරස්වාමි මාවත යනුවෙන් නම් කර තිබූ කොළඹ 07, හෝර්ටන් වටරවුම හා පුස්තකාල වටරවුම අතර කොටස නෙළුම් පොකුණ මාවත යනුවෙන් නම් කළේ 2011 දෙසැම්බර් 15 වැනිදා මහින්ද රාජපක්ෂ රජය යටතේය.

මෙරට කලා ක්ෂේත්‍රයට දැවැන්ත මෙහෙවරක් කළ විශිෂ්ටයකු ,කලාකරුවෙක්, දාර්ශනිකයෙක්,  වගේම සමාජ විද්‍යාඥයෙක් වන කුමාරස්වාමි මහතා වෙනුවෙන් නම් කළ මෙම මාවත හිටපු ජනාධිපතිවරයාගේ කලා උපදේශකයන් විසින් නෙළුම් පොකුණ මාවත ලෙසින් නම් කෙරිණි. එවකට මෙම ක්‍රියාවට දැඩි විරෝධයක්ද එල්ල විය.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 10 වැනිදා පැවැත්වෙන විශේෂ උත්සවයකදී මෙම මාර්ගය නැවත 'ආනන්ද කුමාරස්වාමි' මාවත ලෙස නම් කරන බව කොළඹ මහ නගර සභාව පවසයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us