ඌව නාම යෝජනා 'තහනම් කරන්න'

Published in පුවත්
Tuesday, 22 July 2014 13:49

ආසන වෙන් කිරීම සම්බන්ධ මතභේදයට විසඳුමක් ලැබෙන තුරු ඌව පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය (එජාප) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.



පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ, එජාපයෙන් පළාත් සභා මැතිවරණයට තරඟ වැදීමට නියමිතව සිටින බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසිනි.

ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා මැතිවරණ කොමසාරිස්වරයා ආසන වෙන් කොට ඇති ආකාරය නීතියට පටහැනි බව, මන්ත්‍රීවරයා පවසයි.

"මේ ආසන වෙන් කර ඇති ආකාරය මුළුමනින්ම වැරදියි. හාර ලක්ෂ හතලිස් දහසක ජනකායක් ඉන්න මොනරාගල දිස්ත්‍රික්කයට ආසන 14 ලබා දී තිබෙනවා. එහෙත් අට ලක්ෂ එකොලොස් දහසක ජනතාවක් ඉන්න බදුල්ල දිස්ත්‍රික්කයට ලබා දී තිබෙන්නේ ආසන 18 ක් පමණයි," යනුවෙන් ඔහු මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.

"මේක අසාධාරණයි. පළාත් සභා නීතියට පටහැනියි," යනුවෙන්ද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියේය.

මෙම පෙත්සම භාර ගත් බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රකාශකයෙකු වැඩිදුර කටයුතු කිරීම සඳහා එය අගවිනිසුරුවරයා වෙත යොමුකරන ලද බවත් කියා සිටියේය.

(සංදේශය)

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us