මහ ඇමැතිගේ බැට් පහරින් අයෙකුට අසාධ්‍යයි

Published in පුවත්
Tuesday, 22 July 2014 16:33

බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා විසින් පහරදුන් බව කියන පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ, අංක 36/9 මැල්වත්ත, නාවල කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි, ඩී.එම්. පියසේන නැමැති 69 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසී ය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්‍ෂණයක් ආරම්භ කර ඇති බවයි.

පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ ප‍්‍රකාශයක් වැලිකඩ පොලීසිය විසින් සටහන් කරගෙන ඇත.

එහිදී ඔහු පවසා ඇත්තේ ඊයේ පස්වරු 4 පමණ ප‍්‍රසන්න රණතුංග මහතා තවත් පිරිසක් සමග පැමිණ බැට් එකකින් තමාට පහරදුන් බවයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us