සම්බන්ධන්, දෙමළ ජනතාවගේ ප්‍රශ්න චන්ද්‍රිකා කර මත තබයි

Published in පුවත්
Tuesday, 31 March 2015 12:10

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට සැබෑ විසඳුමක් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිනියගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ ජනාධිපති කොමිසම මගින් ලබා දෙනු ඇති බවට විශ්වාසයක් ඇතැයි සඳහන් කර තිබේ.

ඔහු පවසන පරිදි "අපි මීට පෙර හිටපු ජනාධිපතිගෙනුත් ඉල්ලලා සිටිය උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න වලට ඉක්මනින් විසඳුම් ලබාදෙන ලෙස. චන්ද්‍රිකා බණ්ඩාරනායක 1994 ජනාධිපති උනාට පස්සේ ඇය ඉතා උනන්දුවක් දැක්වුවා දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි නිරාකරණය කරන්න සහ ඒ ප්‍රශ්න වෙනුවෙන් දේශපාලන විසඳුමක් ඇතුලත් සාකච්ඡා මාර්ගයකට පිවිසීමට. පසුගිය රජය පරදා නව රජය පැමිණීමත් සමඟ දිගින් දිගටම දේශපාලනමය වෙනස් කම් සිදුවෙමින් පවතිනවා. සිංහල ජනතාව ඡන්දය දුන්න වගේම බහුතර දෙමළ ජනතාවකුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඡන්දය ලබා දුන්නා. "

ජනාධිපති සිරිසේන මැතිවරණයෙන් ජය ලැබුවා. එම ජයග්‍රහණයේ ප්‍රතිලාබ සියලු දෙනාටම ලැබිය යුතුයි. අපි විශ්වාස කරන විදියට ජනාධිපති තුමා දෙමළ ජනතාවගේ නිත්‍යානුකුල අයිතීන්වලට ගරු කරනු ඇති. අපි පැහැදිලි ලෙස අවධානය යොමු කළයුත්තේ එම අයිතීන් දිනාගැනීම සඳහායි. ජනාධිපතිවරණයේ ප්‍රතිපලය මඟින් එවැනි විසඳුමක් ලබාදිය නොහැකිනම් දෙමළ ජනතාවගේ අනන්‍යතාවය වෙනුවෙන් කිසිවක් ඉතිරි නොවෙයි. ජාත්‍යන්තර ප්‍රජාවත් මෙම දේශපාලන ගැටලුවට ඉක්මන් විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

Last modified on Tuesday, 31 March 2015 12:15

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us