සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුහු නඩුමගට

Published in පුවත්
Friday, 25 July 2014 10:38

රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා නොදීම හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුන් පිරිසක් ශ්‍රේෂාඨාධිකරණය හමුවේ පසුගිය 22 දින පෙත්සමක් ගොනු කර ඇත.

කවින්ද්‍රා ප්‍රමෝදී ජයසූරිය, ප්‍රබන්ගි අනුරාධා එල්ලාවල, පැතුම් දිනුවම් රූපසිංහ, ඩබ්ලිව්.එම්. උදීප අනුසර විජේරත්න, තිසුරි කිත්මිණි සිංහබාහු යන සිසුහු මෙහි පෙත්සම්කරුවෝ වෙති.

වගඋත්තරකරුවන් ලෙස උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, උසස් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලේකම්, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඇතුළු 11 ක් නම් කර ඇත.

මෙම සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව සඳහා අවශ්‍ය අනුමැතිය හා පහසුකම් ලබාදෙන බවට ගිවිසුම් ප්‍රකාරව පොරොන්දු වූ නමුත් එය ඉටු වී නැති බව පෙත්සමෙහි සඳහන් ය.

ඒ තුළින් සිය මූලික අයිතිවාසිකම් කඩ වූ ඇති බව පෙන්වා දෙන මෙම සිසුන් ඉල්ලා සිටින්නේ රජයේ රෝහල්වල සායනික පුහුණුව ලැබීමට අනුමැතිය හා අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙස 1 සිට 8 දක්වා වූ වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසය.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මගින් මෙම පෙත්සම ගොනු කෙරුණි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us